අනවසර චිත්‍රපට ඉවත් කරන්නට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය මැදිහත් වෙයි

Avatar Kavinu Weerakkody | May 18, 2025 30 Views 0 Likes 0 Ratings

30 Views 0 Ratings Rate it

ලාංකීය සිනමාපට අනවසරෙන් අන්තර්ජාලයට එක් කරන වෙබ් අඩවියක් වන “DubHubLK” වෙබ් අඩවිය සහ එහි හිමිකරුවන්ට එරෙහිව, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් පසුගියදා නීති මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

කාලයක පටන් මෙරට සිනමාකරුවන්ගේ චිත්‍රපට 350කට අධික සංඛ්‍යාවක් එහි පළ කොට තිබුනු අතර ඒ සියල්ලම අදාළ අධ්‍යක්ෂකවරුන්ගේ නිසි අවසරයකින් තොරව නීති විරෝධී ආකාරයට පළ කොට තිබුනු චිත්‍රපටයි.

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් එසේ පළ කර තිබූ සිනමාපට 65කට අධික සංඛ්‍යාවක අදාළ අධ්‍යක්ෂකවරයා හෝ නිෂ්පාදකවරයාගෙන් ලිපි ලබාගෙන, ඒ සියලු ලේඛන සමඟින් ලිඛිත පැමිණිල්ලක් ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යංශය වෙත බාර දුන්නා.

ඒ ක්‍රියාමාර්ගයෙන් පසුව මේ වනවිට DubHubLK හි පළ කර තිබූ සිංහල චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් නැවත මකා දමා ඇති ආකාරයක් දැකගන්නට පුලුවන්.

Share

30 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.