ආශාවරී, දිවයින පුරා සිනමාහල් වලදී

Avatar Kavinu Weerakkody | March 7, 2022 179 Views 0 Likes 0 Ratings

179 Views 0 Ratings Rate it

මෙරට වාණිජ සිනමාව තුළ සාර්ථක වූ තරුණ රංගන ශිල්පීන් ගණනාවක් සිටියත් ඔවුන් අතරින් ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස හැඳින්වෙන්නේ හේමාල් රණසිංහයි. ඒ නිසාම, ලාංකීය සිනමාවෙ හි වර්තමාන පරපුරේ සිටින දැවැන්තම රංගන ශිල්පියා වශයෙන් ඔහුව හැඳින්වූවට වරදක් නැහැ.
මිලියන 100 ආදායම් වාර්තාව තෙවරක් පසු කිරීමට සමත් වූ පසුගිය දශකයේ එකම ලාංකීය රංගන ශිල්පියා වන හේමාල් රණසිංහ අද වන විට, චිත්‍රපටයක් සඳහා මෙරට වැඩිම මුදලක් අය කරන නළුවා ලෙසත් හැඳින්වෙනවා.

මෙසේ කෙතරම් නම් ජනප්‍රියත්වයක් හිමි කරගත්තද හේමාල් රණසිංහ රංගනයෙන් සම්බන්ධ වූ චිත්‍රපටක් නරඹන්නට මෙරට රසිකයින්ට බොහෝ කාලයකින් අවස්ථාවක් ලැබුනේ නැහැ. කෝවිඩ් වසංගතය නිසා මෙරට සිනමාහල් වසා දැමීමත් සමග ඔහු රඟපෑ චිත්‍රපටත් දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදුවුනා.

නමුත් මෙරට සිනමාවට ආකර්ෂණීය බලාපොරොත්තුවක් සමඟින් හේමාල් රණසිංහ දැන් නැවතත් රිදී තිරයට පැමිණ සිටිනවා. ඒ පෙරේදා දිනයේ (මාර්තු 03 වනදා) සිට දිවයින පුරා තිරගත වීම ඇරඹි “ආශාවරී” සිනමාපටයත් සමඟයි…

 

සිංහල හමුදා නිලධාරියෙකු සහ දමිළ තරුණියක වටා ගෙතෙන සුන්දර, ප්‍රේමණීය කතා පුවතක් ඇසුරෙන් නිර්මාණය කරන තිබෙන ආශාවරී සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ තේජා ඉද්දමල්ගොඩයි.
හේමාල් රණසිංහ සමඟින් හඳුන්වාදෙන නිළි ඉශන්කා ජාන්වී ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි, සාරංග දිසාසේකර, දිනිති වල්ගමගේ, සේමිණි ඉද්දමල්ගොඩ, ප්‍රියංකර රත්නායක, ජයනි සේනානායක සහ ධනුෂ්ක ඩයස් ඇතුළු ජනප්‍රිය නලු නිළි පිරිසක් ම ආශාවරී චිත්‍රපටය තුළින් දැක ගැනීමට හැකියාව තිබෙනවා.

දිගු කලක් තිස්සේ මෙරට වෙළඳ දැන්වීම් නිර්මාණකරණයේ නියුතු තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන පළමු සහ කුළුදුල් වෘතාන්ත – සිනමාපටය වන්නේ ද ආශාවරී යි. සද්ධාමංගල සූරියබණ්ඩාර විසින් චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන අතර රුවන් කොස්තා විසින් කැමරා අධ්‍යක්ෂණය හසුරුවා තිබෙනවා. සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන් සහ ලසන්ත උඩුකුඹුර ඇඳුම් නිර්මාණකරණයෙන් මේ චිත්‍රපටයට සම්බන්ධ වී සිටිනවා.

 

සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් හැඩ වන ආශාවරී චිත්‍රපටයට නිරෝෂා විරාජිනී, සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනෙත් සහ උපේකා නිර්මාණි ගායනා කරන ගීත කිහිපයක්ම ඇතුළත් වනවා. ගී පද රචනයෙන් එක් වන්නේ කැලුම් ශ්‍රීමාල් සමඟින් නන්දන වික්‍රමගේ යි. ඔහිය, බදුල්ල, ඌව ආශ්‍රිත සුන්දර දර්ශ‍නතල ගණනාවකදී රූපගත කිරීම් සිදු කර තිබෙන ආශාවරී සිනමාපටය 2022 වර්ෂයේ තිරගත වන තුන්වන ශ්‍රී ලාංකීය චිත්‍රපටයයි.

පසුගිය මාර්තු 03වනදා සිට දිවයින පුරා සිනමාහල් 60කට ආසන්න සංඛ්‍යාවකදී ආශාවරී තිරගත වීම ඇරඹුණා. මෙහි ලාංකීය ප්‍රදර්ශනයට සමගාමීව විදේශීය රටවල් කිහිපයක් තුළද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. 2017දී නිකුත් වූ දේදුනු ආකාසේ (Dedunu Akase) චිත්‍රපටයෙන් වසර 04කට පමණ පසු හේමාල් රණසිංහ නැවතත් සුපුරුදු ප්‍රේමවන්තයාගේ චරිතයට පණ පොවන පළමු චිත්‍රපටය මෙය වීම නිසාම, රසිකයින් මෙය නිකුත් වන තෙක් බලා සිටින්නේ බොහොම නොඉවසිල්ලෙන්…
ආශාවරී, Media Vision Films ඉදිරිපත් කිරීමකි.

  

PVR- ගෝල්ෆේස්, CCC- කොළඹ, ලිබර්ටි ස්කෝප්- කොල්ලුපිටිය, රීගල්- කොළඹ, රීගල්- ගම්පහ, සැවෝයි ප්‍රිමියර්- වැල්ලවත්ත, KCC- මහනුවර ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදී ඔබට දැන් ආශාවරී නැරඹීමට අවස්ථාව තිබෙනවා. පහතින් දක්වා තිබෙන්නේ දිවයින පුරා සිනමාශාලාවල ආශාවරී තිරගත වන showtimes ලැයිස්තුවයි.
(සිනමාශාලා ලැයිස්තුව උදිත ලක්මාල් කහඳවාරච්චි විසිනි)

#කොළඹ දිස්ත්‍රික්කය

(01) රීගල් – කොටුව: 11.00am/ 1.30pm/ 7.00pm
(02) රිකී- කොටුව: 10.30am/ 2.00pm
(03) PVR- ගෝල්ෆේස්: 2.30pm/ 08.15 pm
(04) CCC ස්කෝප්- ගංගාරාම: 11.15am/ 3.45pm
(05) ලිබර්ටි ස්කෝප්- කොල්ලුපිටිය: 1.00pm/ 5.30pm
(06) මැජෙස්ටික් සිටි අල්ට්‍රා- බම්බලපිටිය: 10.15am/ 1.00pm
(07) මැජෙස්ටික් සිටි සුපීරියර්- බම්බලපිටිය: 4.45pm
(08) සැවෝයි ප්‍රිමියර් (රොක්සි)- වැල්ලවත්ත: 10.30am/ 1.30pm/ 7.00pm
(09) සිටි සිනමා- ගල්කිස්ස: 10.30am/ 1.30pm/ 7.00pm
(10) මැක්ස් ලයිට්- මොරටුව:1.30pm
(11) එමෙස්- මොරටුව: 2.15pm/ 4.15pm
(12) ලේඛා ලයිට්- හෝමාගම: 10.30am/ 6.00pm
(13) සැවෝයි මෙට්‍රෝ- මහරගම: 10.30am/ 1.30pm/ 7.00pm
(14) ඇමිටි ලයිට්- මහරගම: 1.30pm
(15) රීගල්- දෙමටගොඩ: 10.00am/ 1.00pm/ 4.00pm/ 7.00pm
(16) රිට්ස්- බොරැල්ල: 10.30am/ 2.00pm
(17) සැවෝයි ප්‍රීමියර්- රාජගිරිය: 10.30am/ 1.30pm
(18) ස්කයි ලයිට්- මාළබේ: 2.15pm/ 7.30pm
(19) විජයන්ති- කඩුවෙල: 10.30am/ 1.30pm/ 4.15pm

#ගම්පහ දිස්ත්‍රික්කය

(20) සිනෙමැක්ස්- ජා ඇල: 10.30am/ 1.30pm/ 7.00pm
(21) විස්ටා ලයිට්- ජා ඇල: 1.30pm
(22) හිමාලි- කිරිබත්ගොඩ: 10.30am/ 1.30pm/ 4.00pm
(23) නිකාඩෝ- කඩවත: 10.30am/ 4.30pm/ 7.00pm
(24) රීගල්- ගම්පහ: 10.00am/ 1.00pm
(25) සී.කේ- කිරිඳිවැල: 10.30am/ 7.00pm
(26) රෝයල්- මීගමුව: 11.00am/ 3.00pm/ 6.30pm
(27) සිටි සිනමා- කොච්චිකඩේ: 10.30am/ 1.30pm/ 7.00pm

#කළුතර දිස්ත්‍රික්කය
(28) දොන් ප්ලාසා- කළුතර: 10.30pm/ 1.15pm
(29) ප්‍රිස්කා- කළුතර: 10.30am/ 1.30pm/ 4.30pm/ 7.00pm
(30) නිව් චංපිකා ඉංගිරිය: 10.30am/ 2.30pm/6.30pm
(31) නිව් ජානකී මතුගම: 10.30am/ 2.30pm/6.30pm

#කුරුණෑගල දිස්ත්‍රික්කය
(32) සරසවි – අලව්ව: 10.30am/ 2.30pm/ 6.30pm
(33) සිනෙප්ස්කෝ- කුරුණෑගල: 10.30am/ 1.30pm/ 7.00pm
(34) නිව් ඉම්පීරියල්- කුරුණෑගල: 7.00pm
(35) ශ්‍රියා- වාරියපොළ: 10.30am/ 2.30pm/ 6.30pm
(36) ලක්බිම- කුලියාපිටිය: 10.30am/ 2.30pm/ 6.30pm
(37) නිව් නන්දා- නිකවැරටිය:10.30am/ 2.30pm/ 6.30pm

#කෑගල්ල දිස්ත්‍රික්කය
(38) ටාසන්- කෑගල්ල: 10.30am/ 2.30pm/ 6.30pm
(39) මිලානෝ ගෝල්ඩ්- කෑගල්ල: 2.00pm/6.00pm
(40) නිව් ඉම්පීරියල්- යටියන්තොට: 10.30am

#රත්නපුර දිස්ත්‍රික්කය
(41) ජෝති- රත්නපුර: 10.30am/ 1.30pm/ 7.00pm
(42) නිව් ටවුන්-ඇඹිලිපිටිය:10.30am/ 2.30pm/6.30pm
(43) ආසිරි- ඇහැළියගොඩ: 10.30am/ 1.15pm/ 6.30pm

#මහනුවර දිස්ත්‍රික්කය
(44) KCC- නුවර: 10.30am/ 1.45pm/ 7.00pm
(45) සීගිරි- කටුගස්තොට: 1.30pm/ 4.30pm
(46) ජයබිම- ගම්පොළ: 10.15am/ 2.00pm

#මාතලේ දිස්ත්‍රික්කය
(47) අමා- මාතලේ: 10.15am/ 1.15am/ 7.00pm
(48) දම්මික සිනමා- දඹුල්ල: 10.15am/ 4.15pm

#බදුල්ල දිස්ත්‍රික්කය
(49) රීගල්- දියතලාව: 10.30am/ 2.30pm/ 6.30pm

#ගාල්ල දිස්ත්‍රික්කය
(50) ප්‍රින්ස්- ගාල්ල: 10.30am
(51) රීගල්- අම්බලන්ගොඩ: 10.30am/ 1.30pm/ 7.00pm

#මාතර දිස්ත්‍රික්කය
(52) SK- මාතර: 10.30am/ 2.30pm/ 6.30pm

#හම්බන්තොට දිස්ත්‍රික්කය
(53) රුහුණු- තංගල්ල: 10.30am/ 2.30pm/ 6.30pm

#අනුරාධපුර දිස්ත්‍රික්කය
(54) විල්මැක්ස්- අනුරාධපුර: 10.30am/1.30pm/ 7.00pm
(55) විජේන්ද්‍රා- අනුරාධපුර: 10.30am/ 2.30pm/ 6.30pm
(56) EDC- කැකිරාව: 10.30am/ 1.30pm

 

මේ වනවිට සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වන මෙම සිනමාපටය සම්බන්ධ වූ රංගන ශිල්පීන් පිරිස සහ ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් පිරිස පහතින් දක්වා තිබෙනවා.

Movie: Ashawari

Cast: Hemal Ranasinghe, Bimal Jayakodi, Dr. Jayalath Manorathna, Saranga Disasekara, Jayani Senanayake, Semini Iddamalgoda, Ruvi Lakmali, Dinithi Walgamage, Ishanka Jahanvi, Priyankara Rathnayake, Rohan Ranathunga, Danushka Dias, Daya Wayaman, Lasantha Udukumbura

Story, Dialogue, Director & Producer: Theja Iddamalgoda

Director of Photography: Ruwan Costa
Screenplay: Saddamangala Sooriyabandara
Co-Producer: Dr. Sanjeewani Rupasinghe & Attorney at law Priyantha Amunugama

Director of Marketing: Sangeeth Iddamalgoda
Hair & Makeup: Indika Udara
Costume Designer: Lasantha Udukumbura
Art Director: Sunil Premarathne

Film Song Melodies & Music: Theja Iddamalgoda
Payback Music & Music Arrangements: Suresh Maliyadde
Lyrics: Nandana Wickramage, Kelum Srimal & Theja Iddamalgoda
Payback Singers: Nirosha Virajini, Surendra Perera, Sanka Dineth & Upeka Nirmani

Editor & Colourist: Yashoda Dhanupama

Sound Designer: A. P. Kaluarachchi
Visual Effects: Miran Perera & Praneeth Nawarathne
Unit Production Manager: Sugath Kulathunga
Production Managers: Savini Premaratne, Achini Madawala, Gihan Korala
Assistant Directors: Indunil Deraniyagala & Suganda Perera

Share

179 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.