ආසු – දෙරණ LUX සිනමා සම්මාන 2024
මෙවර දෙරණ Lux සිනමා රාත්‍රිය සඳහා එකම අධ්‍යක්ෂවරයෙකුගේ සිනමාපට දෙකක් සුදුසුකම් ලැබීමේ දුලබ අවස්ථාව හිමි කරගන්නට සංජීව පුෂ්පකුමාර සමත් වුනා.
ඒ ඔහුගේ ඉගිල්ලෙන මාලුවෝ සහ ආසු සිනමා නිර්මාණ ද්විත්වයම මෙවර උළෙලට තරඟ වැදීමත් සමඟයි.
“ආසු (ASU)” සිංහල සිනමාපටය නිර්මාණය වන්නේ තම ජීවිතයටත් වඩා තමන්ගේ නූපන් දරුවාගේ ජීවිතය ගැන සිතමින් පියයුරු පිළිකාවක සමඟ සටන් වැදුනු, මෙරට දේශපාලනඥයෙකු වන කරූ ජයසූරිය මහතාගේ දෙවන දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව ඇසුරෙනුයි.
ඉගිල්ලෙන මාළුවෝ (2011) සහ දැවෙන විහඟුන් (2018) සිනමාපටවලට පසුව සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ තෙවන නිර්මාණය වන්නේ ආසු යි. මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට රඟපාන්නේ උදාරි වර්ණකුලසූරිය සමඟින් ශ්‍යාම් ප්‍රනාන්දුයි. උදාරි වර්ණකුලසූරිය විසින් ‘නෙළුම්’ නැමැති ගර්භණී කාන්තාවගේ චරිතයත්, ශ්‍යාම් ප්‍රනාන්දු විසින් ඇගේ සැමියා වන ‘බිමල්’ගේ චරිතයත් නිරූපණය කරමින් ආසු හි රංගනයේ යෙදෙනවා.
ගැබිණියක සමයේ පියයුරු පිළිකාවක් වැළදෙන නෙළුම්ට මුහුණ දෙන්නට සිදුවන ජීවන අරගලය ආසු සිනමාපටයෙන් ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන්.
උදාරි සහ ශ්‍යාම් ප්‍රනාන්දුට අමතරව දිනාරා පුන්චිහේවා, චාන්දනි සෙනවිරත්න, යශෝදා රසඳුනි, රේණුකා බාලසුරිය, සෝමරත්න දිසානායක, ස්වේතකි වාදිසිංහ සහ අතුල වේරගොඩ ඇතුළු රංගන ශිල්පීන් රාශියක් මීට සම්බන්ධ වී තිබෙනවා. දශක ගණාවකට පසු සෝමරත්න දිසානායක නැවතත් නළු භූමිකාවට ප්‍රවිෂ්ට වී තිබීමත් මේ සිනමාපටයේ දක්නට ලැබෙන විශේෂත්වයක්!
විශ්ව බාලසූරිය කැමරාකරණයෙනුත්, අජිත් රාමනායක සංස්කරණයෙනුත් ආසු සිනමාපටයට සම්බන්ධ වී තිබෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ අජිත් කුමාරසිරි සහ නාමිණි පන්චලා එකතුවෙන්. නිෂ්පාදන සහයෝගීත්වය සුරංග හඳපාන්ගොඩ සහ රේඛීය නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙන් සිදු වී තිබෙනවා. නිෂ්පාදන කළමනාකරු වශයෙන් සම්බන්ධ වන්නේ හැරල්ඩ් කරුණාතිලකයි. නිරෝෂන් එදිරිමාන්න ආසු චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.
චිත්‍රපටයේ වේශ නිරූපණය සිදු කර තිබෙන්නේ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නාරද ධනංජය තොටගමුව විසිනුයි.
අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණයෙනුත්, පූර්ණ ජයශ්‍රී කලා අධ්‍යක්ෂණයෙනුත් ආසු හා එක්ව සිටිනවා. චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියා වන්නේ ගයාන් රුක්ෂාන් පෙරේරායි.
සංජීව පුෂ්පකුමාරගේ මුල් නිර්මාණ සියල්ලේම තිර රචනය ඔහු විසින් තනිවම සිදු කළත් ආසු තිර පිටපත ඔහුගේ සම – තිර පිටපතක්. ආසු තිර පිටපත් රචනයට සංජීව සමඟින් එකතු වන්නේ ඔහුගේ බිරිඳ සංගීතා නිල්නදී ගොඩගමයි. චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය උසුලන්නේ සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දරයි.
ආසු චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 16 වනදා සවස 7.30ට TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody