“උතුරු සුළඟ” තිරගත වීම කල් දැමෙයි.
ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයින් වෙත ගෙනආ අධ්‍යක්ෂවරයකු වන චාමර ජනරාජ් පීරිස් නිර්මාණය කළ ප්‍රථම සිනමාපටය “උතුරු සුළඟ” තිරගත වීම් කල්දැමූ බව පැවසෙනවා. තිරගත කිරීමේ දින පිළිබඳව ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස තිරගත කිරීම් කල්දැමූ බව අධ්‍යක්ෂ චාමර ජනරාජ් පවසනවා.
මාර්තු 05 වැනිදා සිට මෙම චිත්‍රපටය දිවයින පුරා තිරගත කෙරෙන බව මුලින් නිවේදනය කොට තිබුනා. කෙසේ නමුත් චිත්‍රපටයේ තිරගත කිරීම් තවත් මාස දෙකකින් පමණ කල්දැමීමට සිදුවූ බවත් මීළඟ දිනය පිලිබඳ පසුව දැනුම් දෙන බව අධ්‍යක්ෂවරයා සිය ප්‍රේක්ෂකින් වෙත දන්වා සිටිනවා.
උතුරු සුළඟ චාමර ජනරාජ් සිනමා අධ්‍යක්ෂණයට එළඹෙන පළමු චිත්‍රපටය වන අතරම සිය ප්‍රථම නිර්මාණය ලෙස තවත් කිහිප දෙනෙකුම මේ චිත්‍රපටයට සම්බන්ධ වී තිබෙනවා. එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ශානි ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ ශ්‍රියන්ත මෙන්ඩිස්, බිමල් ජයකොඩි, දිල්හානි ඒකනායක, සුජානි මේනකා ඇතුළු තවත් නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වනවා.
කෙසේ නමුත් “උතුරු සුළඟ” එළඹෙන අප්‍රේල් / මැයි කාලයේදී තිරගත වනු ඇතැයි පැවසෙනවා. නිශ්චිත දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇති.
Written by Nisanka Weheraduwa