දිවි සැරිය නිමාකළ රංගවේදී ජයලාල් රෝහණ
රංගවේදියකු ලෙස මෙරට වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව තුළ ජනාදරයට පත්වූ ජයලාල් රෝහණ නම් රූපණවේදියා සහ සොඳුරු මිනිසා සිය දිවි සැරිය නිමවා නික්මගිය පුවත පෙබරවාරි 11 වැනිදා අසන්නට ලැබුනා. කලක් අසනීප තත්වයෙන් සිටිමුත්, නැවත සුව අතට හැරුණු ඒ අපූරු මිනිසා සාමාන්‍ය පරිදි දිවි ගෙවූවත්, නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කොට තිබුනා.
වර්ෂ 1964 නොවැම්බර් මස 01 වනදා කොළඹදී උපත ලැබූ ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයෙන් මූලික අධ්‍යානය හැදෑරුවා. උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුනු ඔහු නාට්‍ය හා රංග කලාව පිලිබඳ මනා පරිචයකින් හෙබි ශිල්පියකුද වූවා. සමාජ විද්‍යාව සහ දර්ශනය, විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් ජයලාල් රෝහණ, පසු කාලයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු වගේම නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙකු ලෙසත් සේවය කළා.
වේශ නිරූපණ ශිල්පියකු ලෙස සිය ගමන් මග ඇරඹි හෙතෙම නළුවකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයෙකු, ලේඛකයෙකු ලෙස කලාවට සිය දායකත්වය ලබා දුන්නා. “ඉසුරු යෝගය” ටෙලි නාට්‍යයේ “මුතුමිණ” චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට වඩාත් සමීප වූ ඔහු එම චරිතයෙන් ඉමහත් ජනප්‍රසාදයක් මෙන්ම “හොඳම නළුවා” ලෙස සම්මානද දිනා ගැනීමට සමත් වුනා.
මියයන විට 56 වැනි වියේ පසුවූ ජයලාල් රෝහණයන්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනබව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
Written by Nisanka Weheraduwa