නදී කම්මැල්ලවීර ඕස්ට්‍රේලියානු නිර්මාණයක රංගනයට එක්වෙයි.

Avatar Nisanka Weheraduwa | April 4, 2021 870 Views 0 Likes 5 On 1 Rating

870 Views 5 On 1 Rating Rate it

සටහන : කවිනු වීරක්කොඩි

ශ්‍රී ලාංකික සම්මානනීය වේදිකා, සිනමා සහ ටෙලි රංගන ශිල්පිනියක වන නදී කම්මැල්ලවීර ඔස්ට්‍රේලියානු Wakefield ටෙලි කතාමාලාවේ ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම ටෙලි කතා මාලාව ABC මාධ්‍ය ජාලය විසින් විකාශය වීමට නියමිතයි.  අප්‍රේල් 18 වැනිදා සිට, ඉරිදා දිනවල රාත්‍රී 8.30ට එම නාලිකාවෙන් මී ටෙලි කතාමාලාව විකාශය වීමට නියමිතයි.

මිනිත්තු 60 බැගින් වූ කොටස් 08ක සීමිත ටෙලි කතා මාලාවක් ලෙසින් නිර්මාණය වී ඇති මෙය Jocelyn Moorhouse සහ Kim Mordauntගේ අධ්‍යක්ෂණයක්. තිරපිටපත Kristen Dunphy විසින් රචනා කොට තිබෙනවා.

මානසික රෝහලක කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර සිදුවන සිදුවීම් මාලාවක් පාදක කර ගනිමින් ගොඩ නඟා ඇති මෙය Psychological  Mystery කාණ්ඩයේ නිර්මාණයක් ලෙස හඳුන්වනවා. රූපගත කිරීම් සිදු කර ඇත්තේ New South Wales ප්‍රදේශය මුල් කරගනිමින්.

මෙහි පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

 

Share

870 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.