මදර් ලංකා (Mother Lanka) චිත්‍රපටයේ නවතම ටීසර් පටය අන්තර්ජාලයට
තරින්දි ප්‍රනාන්දු – ධනංජය සිරිවර්ධන – බිමල් ජයකොඩි රඟන මදර් ලංකා (Mother Lanka) චිත්‍රපටයේ නවතම ටීසර් පටයක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් වුනා.
එළඹෙන මැයි 09 වනදා සිට තිරගත වීමට නියමිතව තිබෙන මෙය, ක්‍රීඩාව තේමාකර ගනිමින් ශ්‍රී ලාංකිකත්වය මැනවින් විදහා දක්වන අපූරු කතා සංකල්පයක් ඇතුළත් චිත්‍රපටයක්. මෙවැනි කතා තේමාවක් අනුව ගොඩ නැඟුනු චිත්‍රපටයක් මෑතකාලීන ලාංකීය සිනමාව තුළින් සිනමා ප්‍රේක්ෂකයින්ට දක්නට ලැබුනේ ම නැහැ.
පුංචි තිරය සහ සිනමාව හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් නව පරපුරේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක වන තරින්දි ප්‍රනාන්දු සමඟින් බිමල් ජයකොඩි, ධනංජය සිරිවර්ධන, කළණ ගුණසේකර, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, හේශානි ලියදිපිට ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙම සිනමාපටයට රංගනයෙන් එක්වනවා.
Mother Lanka චිත්‍රපටය “මව” නැමැති සංකල්පය හරහා වෙනස්ම – නැවුම් කතා පුවතකින් මෙරට සිනමා රසිකයින්ට සමීප වන චිත්‍රපටයක් වන අතර ජාත්‍යන්තර ක්‍රීඩිකා සහ මෝස්තර නිරූපණ ශිල්පිනී සෙනුකි දිසල්යා ද මේ චිත්‍රපටය හරහා සිනමාවට ප්‍රවිෂ්ට වනවා.
මදර් ලංකා (Mother Lanka) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන අනූෂ එදිරිමුණි යි. හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයට එකතු වූ Colombo චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ ද ඔහුයි.
මදර් ලංකා චිත්‍රපටයේ තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසූරිය දායක වන අතර කැමරාකරණය රංග බණ්ඩාර විසිනි. සසික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණ ශිල්පියායි. සංස්කරණය Infinity Cuts සහ වේශ නිරූපණය නයන උජිත් විසිනි.
විහඟ දේවින්ද මෙහි කලා අධ්‍යක්ෂණය සිදු කළ අතර ලසන්ත ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂකවරයායි. සුපුන් දෙවින්ද ඇඳුම් නිර්මාණයෙන් සහ ලක්රුවන් ලොකුහපුආරච්චි නිෂ්පාදන සැලසුම්කරණයෙන් මීට එක්වුනා.
මදර් ලංකා (Mother Lanka) චිත්‍රපටය නිෂ්පාදනය ඉෂාන් පෙරේරා විසිනි.
එළඹෙන මැයි 09 වනදා සිට ලෝ පුරා රටවල් රැසකදී මෙම චිත්‍රපටය තිරගත වනවා.
Written by Kavinu Weerakkody