මලයාලම් තරු බැබලුනු 53වන කේරළ ප්‍රාන්ත සම්මාන රාත්‍රිය

Avatar Kavinu Weerakkody | July 29, 2023 137 Views 0 Likes 0 Ratings

137 Views 0 Ratings Rate it

ඉන්දියානු සිනමාවේ විශාලත්වය සහ සංස්කෘතික විවිධත්වය නිසාම, ප්‍රාන්ත වශයෙන් එරට සිනමාව බෙදී පවතිනවා. එම ප්‍රාන්ත තුළ දක්නට ලැබෙන එකිනෙකට වෙනස්, සිනමා ලක්ෂණ නිසා ඉන්දියාවෙන් බිහිවන චිත්‍රපටත් දැඩි ලෙස විවිධාංගීකරණයට ලක්ව තිබෙන අයුරු අපට දැකගත හැකියි.

උතුරු ඉන්දියානු සිනමාව සහ දකුණු ඉන්දියානු සිනමාව තුළ මෙවැනි ආවේණික සිනමා භාවිත රැසක් තිබෙනවා. දකුණු ඉන්දියානු සිනමාවත් යළි මලයාලම් – දමිළ – තෙළිඟු – කන්නඩ ආදී වශයෙන් ප්‍රාන්ත අනුව බෙදී පවතින අතර මෙම සෑම ප්‍රාන්තයක් තුළම ස්ථාවර සිනමා කර්මාන්තයක් ශක්තිමත්ව බිහිව තිබෙනවා.
මලයාලම් සිනමාව යනු ඒ ආකාරයෙන් කේරළ ප්‍රාන්තය මුල් කරගෙන බිහි වුනු චිත්‍රපට ක්ෂේත්‍රයයි.

කේරළ ප්‍රාන්තයේ මුල් කොටගත් මෙම මලයාලම් සිනමා කර්මාන්තය මෑතක් වනතුරුම කුඩා සහ එතරම් ජනප්‍රිය නොවූ සිනමා කර්මාන්තයක් ලෙසින් පැවතුනත්, අද වනවිට එම තත්වය බොහෝ සෙයින් වෙනස්… වර්තමානයේදී ශ්‍රී ලංකාව ඇතුළු ලෝ පුරා රටවල් ගණනාවක මලයාලම් චිත්‍රපට අතිශය ජනප්‍රියයි.

මලයාලම් චිත්‍රපටවල ගුණාත්මකබාවය සහ නැමුම් බව නිසාම ජාත්‍යන්තරව පවත්වන බොහෝමයක් සම්මාන උළෙළවලදී පවා මලයාලම් සිනමාපට සම්මානයට පාත්‍ර වනවා. එසේම කේරළය තුළත් තම ප්‍රාන්තීය චිත්‍රපට ඇගයීම උදෙසා විවිධ සම්මාන රාත්‍රීන් සංවිධානය වනවා.
කේරළය තුළ පවත්වනු ලබන එවැනි සම්මාන උළෙල අතුරින් දැවැන්තම සහ ප්‍රධානම සම්මාන උළෙළ ලෙස සලකනු ලබන්නේ Kerala State Film Awards උත්සවයයි. කේරළා සිනමාකරුවෙකුට තම ජීවිත කාලය තුළ ලබාගත හැකි ඉහළම – වටිනාම ප්‍රාන්තීය සම්මානය ලෙස හැඳින්වෙන්නේ ද එයයි. ඒ නිසාම සෑම වසරකම මෙම සම්මාන උත්සවය ඇරඹෙන තෙක් සියලුම මලයාලම් රසිකයින් බලා සිටින්නේ බොහොම නොඉවසිල්ලෙන්…

1969 වසරේදී ආරම්භ වූ Kerala State Film Awards උළෙල මේ වනවිට 53 වතාවක් පවත්වා තිබෙනවා. පසුගිය ජූලි 21 වනදා අවසානයට පැවැත්වුනේ එහි 54 වන දිගහැරුමයි. මෙය සංවිධානය වන්නේ කේරළා සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙනුයි.
පසුගියදා පැවැත්වූ එම සම්මාන උළෙලට 2022 වසර පුරාවට තිරගත වුනු මලයාලම් චිත්‍රපට 150කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර එයින් විශිෂ්ටතමයින් උදෙසා පසුගියදා ජයග්‍රහණ පිරිනැමුනා.

මෙහිදී “වසරේ විශිෂ්ටතම චිත්‍රපටයට” හිමි සම්මානය දිනාගත්තේ ලිජෝ ජෝසේ පෙල්ලිස්සරි විසින් අධ්‍යක්ෂණය කළ Nanpakal Nerathu Mayakkam (2022) සිනමාපටයයි. ලිජෝ මීට පෙර තමන්ගේ Ea.Ma.Yu සහ Jallikattu චිත්‍රපට උදෙසා දෙවතාවක්ම කේරළ ප්‍රාන්ත සම්මානයෙන් පිදුම් ලැබූ සිනමාකරුවෙක්. මේ ඔහුගේ තෙවන කේරළ ප්‍රාන්තීය සම්මානයයි.

Nanpakal Nerathu Mayakkam වසරේ විශිෂ්ටතම චිත්‍රපටය බවට පත්වද්දී “වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියා” බවට පත්වූයේ ද එහි ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ මලයාලම් නලු Mammottyයි. ඔහු මින් පෙර පස් වතාවකදීම හොඳම නලුවාට හිමි කේරළ ප්‍රාන්ත සම්මානය දිනාගෙන තිබෙන අතර එම සම්මානය වැඩිම වතාවක් ජයග්‍රහණය කළ ඉන්දියානු සිනමාකරුවා වන්නේ ද ඔහුයි.

මෙවර සම්මාන ප්‍රදානයේදී “වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට” හිමි සම්මානය දිනාගැනීමට Ariyippu අධ්‍යක්ෂණය කළ Mahesh Narayananට හැකිවුනා. හොඳම දෙවන සිනමාපටය ලෙසින් ජයග්‍රහණය කළේ Adithattu නැමැති මලයාලම් සිනමා නිර්මාණයයි.

Rekha සිනමාපයේ ඉදිරිපත් කළ පෙරළිකාර රංගනය වෙනුවෙන් Vincy Alishious “වසරේ හොඳම නිළිය” ලෙසට තේරී පත්වුනා. Rekha චිත්‍රපටයේ ඇගේ රංගනය පසුගිය වසර පුරාම බොහෝමයක් සිනමා විචාරකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේඇගයුමට ලක්වුනු අතර බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ ද ඇය මෙවර කේරළ ප්‍රාන්ත සම්මානය ජයග්‍රහණය කරනු ඇති බවටයි.

මෙවර Kerala State Film Awards හිදී සම්මාන දිනාගත් සියලුම සිනමාපට, රංගන ශිල්පීන් සහ තාක්ෂණික ශිල්පීන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

Best Film – Nanpakal Nerathu Mayakkam

Second Best Film – Adithattu

Best Actor – Mammootty (Nanpakal Nerathu Mayakkam)

Best Actress – Vincy Aloshious (Rekha)

Best Director – Mahesh Narayanan (Ariyippu)

Special Jury Mention (Acting) – Kunchacko Boban (Nna Thaan Case Kodu) and Alencier Ley Lopez (Appan)

Special Jury Mention (Direction) – Biswajith S and Rareesh

Special Award in Any Category for Women/Transgender – Shruthi Sharanyam (B 32 Muthal 44 Vare)

Best Character Actor – P P Kunjikrishnan (Nna Thaan Case Kodu)

Best Character Actress – Devi Varma (Saudi Vellakka)

Best Film with Popular Appeal and Aesthetic Value – Nna Thaan Case Kodu

Best Children’s Film – Pallotty 90’s Kids

Best Story Writer – Kamal KM (Pada)

Best Screenplay (Original) – Ratheesh Balakrishnan Poduval (Nna Thaan Case Kodu)

Best Screenplay (Adapted) – Rajesh Pinnadan (Oru Thekkan Thallu Case)

Best Child Actor – Master Da Vinci (Pallotty 90’s Kids)

Best Child Actress – Thanmaya (Vazhakku)

Best Music Director (Songs) – M Jayachandran (Pathonpathaam Noottaandu and Ayisha)

Best Male Singer – Kapil Kapilan (For the song “Kanave” from the movie Pallotty 90’s Kids)

Best Female Singer – Mridula Warrier (For the song “Mayilpeeli Ilakunnu Kanna” from the movie Pathonpathaam Noottaandu)

Best Music Director (Background Score) – Dawn Vincent (Nna Thaan Case Kodu)

Best Cinematographer – Manesh Madhavan (Ela Veezha Poonchira) and Chandru Selvaraj (Vazhakku)

Best Sound Design – Ajayan Adat (Ela Veezha Poonchira)

Best Sound Mixing – Vipin Nair (Nna Thaan Case Kodu)

Best Lyricist – Rafeeq Ahammed (For the song “Thiramaalayaanu Nee” from the movie Viddikalude Maash)

Best Film Editor – Nishad Yousuf (Thallumaala)

Best Sync Sound – Vysakh VV (Ariyippu)

Best Choreographer – Shobi Paul Raj (Thallumaala)

Best Dubbing Artist (Female) – Pauly Valson (Saudi Vellakka)

Best Dubbing Artist (Male) – Shobi Thilakan (Pathonpathaam Noottandu)

Best Makeup Artist – Ronex Xavier (Bheeshmaparvam)

Best Costume Designer – Manjusha Radhakrishnan (Saudi Vellakka)

Best Art Director – Jyothish Sankar (Nna Thaan Case Kodu)

Best Visual Effects – Aneesh T, Sumesh Gopal (Vazhakku)

මෙවර සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගත්තේ Nna Thaan Case Kodu නැමැති මලයාලම් සිනමාපටයයි. Ratheesh Balakrishnan Poduval විසින් අධ්‍යක්ෂණය කළ එය හොඳම චරිතාංග නලුවා, හොඳම පසුබිම් සංගීතය, හොඳම කලා අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් ජයග්‍රහණය කළා. මලයාලම් නලු Kunchacko Boban හට මෙවර ලැබුනු ජූරියේ විශේෂ ඇගයුම හිමි වූයේ ද Nna Thaan Case Kodu චිත්‍රපටය තුළ ඉදිරිපත් කළ රංගනය වෙනුවෙනුයි.

මෙවර උළෙලේ ජූරිය නියෝජනය කරමින් ජූරි සභිකයින් 09 දෙනෙකු සහභාගී වූ අතර ජූරියේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ අග්‍රගණ්‍ය බෙංගාලි සිනමාකරුවෙකු – සංගීතවේදියෙකු ලෙසින් හැඳින්වෙන Goutam Ghose විසිනි. ඊට අමතරව
Dr. KM Sheeba
VJ James
Roy P. Thomas
B Rakesh
Sajas Rahman
Vinod Sukumaran
Nemam Pushparaj
KK Madhusudhanan ආදීන් ද ජූරි සභිකයින් ලෙසින් කේරළ ප්‍රාන්ත සම්මාන උළෙලට තම දායකත්වය ලබා දුන්නා.

Share

137 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.