රංගන ශිල්පී තිස්ස විජේසුන්ද්‍රයන් සමුගනියි

Avatar Nisanka Weheraduwa | May 11, 2020 425 Views 0 Likes 0 Ratings

425 Views 0 Ratings Rate it

70 දශකයේ රිදී තිරයේ අහිංසක පෙම්වතා වුනු තිස්ස විජේසුරේන්ද්‍රයන් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු, අද  (මැයි 11 වැනිදා) මෙලොව හැරගොස් ඇති බව සඳහන්.

1949 අප්‍රේල් 03 වැනිදා උපත ලද තිස්ස විජේසුරේන්ද්‍ර නළුවකු ලෙස සිංහල සිනමාවේ සිය ගමන ආරම්භ කලේ 1970 වසරේයි. කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට සුදුසුකම් සපුරා තිබියදී නළුකම සිය වෘත්තීය කොටගත් බව පැවසෙනවා. කිංස්ලි රාජපක්ෂගේ කලණ මිතුරෝ චිත්‍රපටයයේ ප්‍රථමයෙන් රංගනයේ යෙදුනද 1970 තිරගත වූ නිම වළල්ල චිත්‍රපටය ඔහුගේ තිරගත වූ පළමු සිනමා පටය වුනා. රන් කුරුල්ලෝ, සුරේඛා, නෑදෑයෝ, නිලූකා, සිතක සුවඳ, ලස්සන කෙල්ල, දිපාන්ජලි, අනුෂා, බෝනික්කා, ලසඳා, සුදු පරවියෝ, වැනි චිත්‍රපට වල ප්‍රේමවන්තයා ලෙසත් ඇය ඔබට බාරයි චිත්‍රපටයේ ප්‍රතිවිර චරිතයෙනුත් සිනමා ගමන් මග ආලෝක කරගැනීමට ඔහු සමත් වුනා.

මියයන විට 71 වැනි වියේ පසුවූ තිස්ස විජේසුරේන්ද්‍රයන් දියණියන් තිදෙනෙකුගේ පියෙක්ද වනවා. දැනට එංගලන්තයේ ජීවත් වන, කලක් රූපවාහිනී නිවේදිකාවක සහ නිළියක ලෙස කටයුතු කළ සුරනි විජේසුරේන්ද්‍ර ඔහුගේ දෙවැනි දියණිය වනවා.

Share

425 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.