රිටිගල ජයසේන චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

Avatar Kavinu Weerakkody | January 12, 2026 262 Views 0 Likes 5 On 2 Ratings

262 Views 5 On 2 Ratings Rate it

මෙරට ප්‍රවීණ සිනමාකරුවෙකු වන ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, හේමාල් රණසිංහ රංගනයෙන් එක්වන, “රිටිගල ජයසේන සහ සැඟවුනු නගරය” නවතම චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය ඔබට දැන් නැරඹිය හැකියි.

අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය, අග්නිදාහය, සමනල සංධ්වනිය ඇතුලු නිර්මාණ රැසක් ඔබ වෙත ගෙනා ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනමාපටය මෙයයි.

ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය දේවි කුසුමාසන, රිටිගල ජයසේන, සමහරු සහ සමාගම යන චිත්‍රපට ත්‍රිත්වයේම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ හේමාල් රණසිංහ වීම තවත් වි‍ශේෂත්වයක්.

හේමාල් සමඟින් අයිශාරා අතුකෝරළ, තුමිඳු දොඩන්තැන්න, පබෝදා සංදීපනී, උමා අසේනි, කාන්චනා මෙන්ඩිස් ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා. කාන්චනා මෙන්ඩිස් මෙලෙස ලාංකීය සිනමාපටයකට රංගනයෙන් එක්වන්නේ සෑහෙන කාලයකට පසුවයි.

මීට අමතරව තවත් බ්‍රිතාන්‍ය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එකතු වනවා.

මධුනි අලහකෝන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරියයි. සංගීතය නවරත්න ගමගේ විසිනි.

රිටිගල ජයසේන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ නිමල් දියුනුගල විසිනි. සුජීව නිවුන්හැල්ල විධායක නිෂ්පාදනයෙන් එක්වනවා.

Share

262 Views 5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.