රිතික් සමඟින් දීපිකා උඩු ගුවනේ…

Avatar Nisanka Weheraduwa | July 16, 2021 102 Views 0 Likes 0 Ratings

102 Views 0 Ratings Rate it

සුප්‍රසිද්ධ බොලිවුඩ් තාරකාවන් දෙපළක් වන Hrithik Roshan සහ Deepika Padukone ප්‍රධාන චරිත රඟ දක්වන නවතම හින්දි සිනමාපටයක් පිළිබඳව තොරතුරු Viacom18 Studios නිෂ්පාදන ආයතනයෙන් අණාවරණය කළා. චිත්‍රපටය Title කරලා තියන්නේ “FIGHTER” කියන නමින්. මේ Action චිත්‍රපටියෙන් පටන් ගන්න නියමිත චිත්‍රපටි Series එකක් බව තමයි තොරතුරු වාර්තා වෙන්නෙ. ඒ වගේම, මුලු ඉන්දියාවෙම පළවෙනිම aerial action franchise එකත් මේ ආරම්භ කෙරෙන නිෂ්පාදනය බව පැවසෙනවා.

ගුවන් සටන් මූලික කරගෙන නිර්මාණය වෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Siddharth Anand විසින්. Siddharth හා Hrithikගේ සුසංයෝගයෙන් සෑදෙන තුන්වෙනි චිත්‍රපටිය වෙන්නෙත් මෙයයි. මීට පෙර ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් හැදුණු Bang Bang, War සිනමාපට දෙකම අති සාර්ථක වුණා. රසිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලබාගත්තා. අති දැවැන්ත බොක්ස්-ඔෆිස් ආදායම් ලබාගත්තා. ඒ නිසාම මේ වනවිටත් රිතික්ගේ රසිකයින් Fighter වෙනුවෙනුත් බලාගෙන ඉන්නේ බොහොම නොඉවසිල්ලෙන්. ඒ විතරක් නෙමෙයි, Shah Rukh Khanගේ අලුත්ම සිනමාපටය, Pathan අධ්‍යක්ෂණය කරන්නෙත් සිද්ධාර්ත්මයි. මේ සෑම කාරණාවක් හින්දම Fighterට ගොඩ නැඟිලා තියෙන hype එක නම් සුලු පටු නැහැ.

චිත්‍රපටියේ Main role දෙකට Cast කරන්නේ Hrithik Roshan සහ Deepika Padukone දෙදෙනාවයි. මොවුන් දෙදෙනා මේ වෙනකොට බොලිවුඩයේ සිටින දැවැන්තම තරු දෙකක්. වසර ගණනාවක් තිස්සේ එකම Platform එක Share කරගෙන තමන්ගේ ගමන යමින් සිටින දෙදෙනෙක්. හැබැයි ඔබ විශ්වාස කරනවද, මේ වෙනතුරු රිතික් සහ දීපිකා කිසිම සිනමාපටයක එකට රඟපා නැහැ. මේ තමයි සිනමාපටයක රංගනය වෙනුවෙන් Hrithik Roshan සහ Deepika Padukone එකට ගිවිසුම්ගත වෙන පළවෙනිම අවස්ථාව.

එක් මාධ්‍ය සාකච්ඡාවකදි අධ්‍යක්ෂක Siddharth විසින් Fighter ගැන අපූරු facts වගයක් බෙදාගෙන තියෙනවා.

ඔහු කියන විදිහට මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ ඉන්දීය සිනමා ප්‍රේක්ෂකාගාරයට විතරක්ම නොවෙයි. රූපගත කිරීම් සිදු වෙන්නේ ලෝක සිනමාවේ භාවිතා වෙන සංකීර්ණම සහ මිල අධිකම තාක්ෂණික උපාංග භාවිතයෙන් බව ඔහු කියනවා. රටවල් ගණනාවක Location දැවැන්ත ප්‍රමාණයක රූපගත කිරීම් සිදු කරන්න දැනටමත් සූදානම් බවයි ඔහු පවසා තිබුනේ. චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වන Viacom18 Studios හි COO වන Ajit Andhare මේ ගැන තමන්ගේ අදහස ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“An aerial action film offers a unique cinematic experience. It’s never been done in India. Being a ‘Top Gun’ fan, I have been looking for a script for years that explores aerial action and has a story rooted in India. ‘Fighter’ is that answer. Siddharth understands this genre and brings a unique flair to his films. I am excited to collaborate with him in building this franchise.”

මේ වෙනකොට රූපගත කිරීම් ආරම්භ කරලා අවසානයි. රිතික් වගේම දීපිකාත් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ ගැන රසිකයින්ව යාවත්කාලීන කළා. දැනට සැලසුම් කරලා තිබෙන ආකාරයට 2022 වසරේදී තමයි චිත්‍රපටය ප්‍රදර්ශනයට යොමු කරන්න නිෂ්පාදකවරු බලාපොරොත්තු වෙන්නේ.

Share

102 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.