ලාංකීය වාණිජ සිනමාවට හමා ඒමට සැරසෙන ‘සූරිය සුළඟ’

Avatar Kavinu Weerakkody | May 7, 2025 60 Views 0 Likes 5 On 1 Rating

60 Views 5 On 1 Rating Rate it

ප්‍රියන්ත කොළඹගේ මෙරට වාණිජ සිනමාවේ මුල් පෙළේ අධ්‍යක්ෂකවරයෙක් වගේම, ලාංකීය සිනමාවට ජනප්‍රිය චිත්‍රපට රැසක් එකතු කළ ප්‍රවීණ නිර්මාණකරුවෙක්.
ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුනු ආදරණීය කතාවක් – දේදුනු ආකාසේ – මන්දාරා වැනි චිත්‍රපට මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වුනේ ලාංකීය සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමිනුයි.
ආදරණීය කතාවක් සහ දේදුනු ආකාසේ දින 100 ඉක්මවමින් මෙරට සිනමාශාලා වල තිරගත වනවිට, මන්දාරා දින 180ක් වැනි දීර්ඝ කාලයක් මෙරට සිනමා හල්වල තිරගත වුනා. මන්දාරා චිත්‍රපටයේ අවසාන දින කිහිපයේ පවා රට වටින්ම Housefull Shows වාර්තා වුනා. ප්‍රියන්ත කොළඹගේ චිත්‍රපටවලට අපේ රසිකයින් දැක්වූයේ ඒ තරම් ආදරයක්!
චිත්‍රපට විතරක් නෙමෙයි, ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ “සකූගේ කතාව” ටෙලි නාට්‍යයත් මෙතෙක් රූපවාහිනියේ විකාශනය වූ ජනකාන්තම ටෙලි නාට්‍යවලින් එකක්. සකූගේ කතාව නොබැලූ කෙනෙක් නැති තරම්!
මෙවැනි Blockbuster නිර්මාණ රැසක් ගෙනා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන, ඔහුගේ අලුත්ම සිංහල චිත්‍රපටය “සූරිය සුළඟ” නමින් ළඟදීම තිරගත කරන්නට සූදානම්…
පේන විදිහට නම්, සූරිය සුළඟ කියන්නේ සාමාන්‍යෙයන් මෙරට සිනමාපටයක් වෙනුවෙන් වැය නොකරන, දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කළ චිත්‍රපටයක්! ජනකාන්ත නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වන, ලොව ඉහළම තාක්ෂණයෙන් පසු නිෂ්පාදන කටයුතු සිදු කළ නිර්මාණයක්.
අද අපේ සිනමාවේ සිටින දක්ෂතම තාක්ෂණික ශිල්පීන් රැසක්ම සූරිය සුළඟ නිෂ්පාදනය වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙනවා.
ඉතින්, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ අනෙක් චිත්‍රපට වාගේම, සූරිය සුළඟටත් මෙරට සිනමාවේ නැවුම් හැඩයක් එකතු කරන්නට අනිවාර්යෙන්ම පුලුවන් වේවි.
ලංකාවේ අපි මීට පෙර අත් නොවිඳි, අද්විතීය සිනමා අත්දැකීමක් ළඟදීම සිංහල සිනමාවට තිළිණ කරන්නටත් සූරිය සුළඟ අනිවාර්යෙන්ම සමත් වේවි!
Share

60 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.