විමුක්ති ජයසුන්දර Spying Stars රැගෙන 56වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට යයි

Avatar Kavinu Weerakkody | November 23, 2025 70 Views 0 Likes 5 On 1 Rating

70 Views 5 On 1 Rating Rate it

දෙස් – විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ, මෙරට ප්‍රවීණ සිනමාකරුවෙකු වන විමුක්ති ජයසුන්දර, ඔහුගේ Spying Stars (සාංකා) නවතම සිනමාපටය සමඟින් ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට සහභාගී වී තිබෙනවා.

ඉන්දිරා තිවාරි, සෞම්‍ය ලියනගේ, හිදායත් හසීර්, කෞෂල්‍යා ප්‍රනාන්දු, සමනලී ප්‍රනාන්දු ඇතුලු පිරිසක් මෙහි රංගනයෙන් දායක වනවා.

මානව පැවැත්ම සහ පරිසරය එකිනෙකට බැඳී ඇති ආකාරය ගවේෂණය කරමින්, එහි පුළුල් කතාවක් ‘සාංකා’ සිනමාපටයෙන් සිනමාරූපීව නිරූපණය වනවා.

සාංකා නිෂ්පාදනය නීලා මහදබ් පැන්ඩා විසිනි. චිත්‍රපටයේ සංස්කරණය සමන් ඇල්විටිගල විසිනුත් විධායක නිෂ්පාදනය නයෝමි අප්සරා විසිනුත් සිදු කර තිබෙනවා.

ආසියානු කලාපයේ සංවිධානය වන විශාලතම සහ ප්‍රධානතම සිනමා උළෙලක් වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙල (Indian International Film Festival) මෙවර පැවැත්වෙන්නේ 56වන වතාවටයි.

Share

70 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.