ස්වර – දෙරණ LUX සිනමා සම්මාන 2024
නීටා ප්‍රනාන්දුගේ රංගනයෙන් හැඩවන ස්වර සිංහල චිත්‍රපටය මෙවර දෙරණ LUX සිනමා සම්මාන උළෙල සඳහා ලැයිස්තුගත වී තිබෙන්නේ පසුගිය වසරේදී තිරගත වුනු ලාංකීය චිත්‍රපට 30කට අධික ප්‍රමාණයක් අතුරින් සිදු කළ තෝරා ගැනීමකින්…
මෙරට ජන සමාජයේ දක්නට ලැබෙන ඛේදනීය තත්වයක් වන HIV රෝගීන්ට මුහුණ දෙන්නට සිදුවන අර්බුදකාරී සමාජ වටපිටාව ගැන කියැවෙන මෙම සිනමාපටය, සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයක්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක වන නීටා ප්‍රනාන්දු මහත්මියයි. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන නර්මදාගේ චරිතය ඇය විසින් රඟපානවා. රංගනයට අමතරව මෙහි සම නිෂ්පාදිකාව වන්නේ ද නීටා ප්රනාන්දුයි.
ස්වර සිනමාපටයට පාදක වන්නේ නර්මදා නැමැති ප්‍රසිද්ධ සංගීතවේදිනියකගේ කතාවයි. ඇයට HIV රෝගී ලක්ෂණ මතු වන්නට පටන් ගන්නා අතර වෛද්‍ය පරීක්ෂණ හරහා තහවුරු වන්නේ ඇය ඊට ගොදුරුවී තිබෙන බවයි. මෙතැන් පටන් නර්මදාගේ ජීවිතයට බොහෝ කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවනවා.
ස්වර සිනමාපටයට පාදක වී තිබෙන්නේ නර්මදා සහ ඇගේ ජීවිතයට සම්බන්ධ වුනු ජස්ටින් – පද්මා – විහාරා – නිමන්ති – ජෝයි – රොහාන් වැනි පුද්ගලයින්ගේ කතා ප්රවෘත්තියයි.
ස්වර චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන සංජය නිර්මාල් මීට පෙර කිහිම අවස්ථාවකදීම විවිධ චිත්‍රපට තුළින් මෙරට රසිකයින්ගේ අවධානය දිනාගන්නට සමත්වුනා. රෝස කැලේ, ආලේ කොරෝනා, ප්‍රාණ වැනි සිනමාපටවල අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහු යි.
ලාංකීය ප්‍රදර්ශනයට පෙර ඉන්දියාවේ පැවැති පස්වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමටත් ස්වර චිත්‍රපටයට හැකියාව ලැබුනා. එම සම්මාන උළෙල සඳහා ලෝකයේ රටවල් 90ක් නියෝජනය කරමින් චිත්‍රපට 274ක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සියල්ල අතරින් ලොවට පොදු පණිවුඩයක් ලබාදෙන ජූරියේ විශේෂ සම්මානයයි ස්වර චිත්‍රපටය සඳහා හිමි වුනේ…
ස්වර චිත්‍රපටයේ රංගනය සඳහා නීටා ප්‍රනාන්දු සමඟින් සචිනි අයේන්ද්‍රා, දමිතා අබේරත්න, අනූෂා රාජපක්ෂ, ධනූ සන්නසිතබ්මි, දිනුලි මල්ලවආරච්චි, බුද්ධික ජයරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජීවන් කුමාරතුංග වැනි මෙරට ජනකාන්ත නලු නිලියන් රැසක් රංගනයෙන් එකතු වනවා.
ස්වර චිත්‍රපටයේ තිර පිටපත රචනා කරන්නේ යොලන්ඩා වීරසිංහ යි. ප්‍රබාත් රොශාන් කැමරාකරණයෙන් සහ රංග දසනායක සංගීත අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා. සංස්කරණය ලාල් දිසානායක සහ නන්දා ජයකොඩියි.
ස්වර චිත්‍රපටය නීටා ප්‍රනාන්දු – චන්ද්‍රන් රත්නම් – මානෝහාන් නානායක්කාර – රොහාන් වැලිවිටගේ සම නිෂ්පාදනයකි.
ස්වර චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 16 වනදා සවස 7.30ට TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody