ශ්‍රී ලාංකික චිත්‍රපට උලෙළක් දකුණු කොරියාවේදී

Avatar Mashiee Kothalawala | March 17, 2025 147 Views 0 Likes 5 On 1 Rating

147 Views 5 On 1 Rating Rate it

දකුණු කොරියාවේ පිහිටි ජාතික සිනමාරක්ෂණාගාරය (Korena Film Archive) ට අයත් එරට ජාතික සිනමාතෙක් (Cinematheque)  ආයතනය ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලක් සංවිධානය කර තිබේ.  මෙරට නිර්මාණය කළ  චිත්‍රපට 14ක් කොරියානු ප්‍රේක්ෂකයින් වෙත ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර උළෙල මෙම මාර්තු 27 දින සිට අප්‍රේල් 16 දින දක්වා සෝල් සිනමාතේක් ආයතයේදි පැවැත්වේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (Line of Destiny) ,ගම්පෙරළිය  ( Changes in the Village), නිධානය  (Treasure ), ධර්මසේන පතිරාජගේ  බඔරු අවිත් (The Wasp Are Here), ප්‍රසන්න විතානගේගේ ඔබ නැතිව-ඔබ එක්ක ( With You, Without You) ,පැරඩයිස් (Paradise), විමුක්ති ජයසුන්දරගේ සුළග එනු පිණිස ( The Forsaken Land), අහසින් වැටෙයි (Between Two Worlds ) ප්‍රසන්න ජයකොඩිගේ 28 , සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ ( Flying Fish), දැවෙන විහගුන් ( Burning Birds), විහග ප්‍රේමය  (Peacock Lament ), විශාකේෂ චන්ද්‍රසේකරන්ගේ මනල් (Sand ), ඉලංගෝ රාම්ගේ නෙළුම් කුළුණ  (Tentigo)  යන චිත්‍රපට උළේලේදි ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ.

මීට අමතරව  ශ්‍රී ලංකා සිනමාවේ පුරෝගාමින්, ඔවුන්ගේ නිර්මාණ සහ නව ප්‍රවණතාවයන් පිළිබද විශේෂ දේශනයක් පැවැත්වීමට දැනට කොරියාවේ චුන්ග් අන්ග් විශ්ව විද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින චිත්‍රපට අධ්‍යක්ෂ සහ සංජීව පුෂ්පකුමාරට ආරාධනා කර තිබේ. අදාල දේශනය මාර්තු 29 දින පැවැත්වීමට නියමිතව තිබේ.

වැඩි විස්තර : https://eng.koreafilm.or.kr/cinematheque/programs/PI_01583

Share

147 Views 5 On 1 Rating Rate it

Written by Mashiee Kothalawala


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.