සූරිය සුළඟ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ

Avatar Kavinu Weerakkody | March 29, 2026 208 Views 1 Like 5 On 1 Rating

208 Views 5 On 1 Rating Rate it

දේදුනු ආකාසේ, ආදරණීය කතාවක් වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය, සූරිය සුළඟ (Suriya Sulanga) චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය දැන් අන්තර්ජාලයට නිකුත් වුනා.

එළඹෙන මැයි මාසයේදී දිවයින පුරා පිහිටි සිනමා හල්වලදී සූරිය සුළඟ තිරගත කිරීමට නියමිතයි.

“සූරිය සුළඟ” චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ තරුෂි නැමැති ප්‍රබල දේශපාලන සබඳතා ඇති පවුලක දියණියක හා පෙමින් බැඳෙන සාමාන්‍ය පවුලක තරුණයෙකුගේ කතාවයි. සිදත් නැමැති මෙම තරුණයා, ඇය හා විවාහ වීමට සූදානමින් සිටින නමුත් ඇගේ පියා ඊට කිසිසේත්ම එකඟ වන්නේ නැහැ.

නමුත් ඔහු ඔවුන් ඉදිරිපිට ප්‍රසිද්ධියේ තම විරෝධය නොපෙන්වන අතර ඒ වෙනුවට උත්සාහ කරන්නේ සිදත්ගෙන් පළි ගැනීමටයි. ඔහුගේ දේශපාලන උපක්‍රම හමුවේ සිදත්ට මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාව වටායි, සූරිය සුළඟ සිනමාපටය එතැන් පටන් දිවෙන්නේ…

මේඝ සූරියආරච්චි සහ නිහාරි පෙරේරා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර සජිනි රෝයි, අශාන් ඩයස්, සනත් ගුණතිලක, සේමිණී ඉද්දමල්ගොඩ, බිමල් ජයකොඩි, අතුල ජයසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මුතු තරංගා, යශෝධා රාජක්‍රිෂ්ණා, ප්‍රියංකර රත්නායක සහ මෞලි ෆර්නෑන්ඩු ඇතුළු ප්‍රවීණ සහ අද පරපුරේ නලු නිළියන් රැසක්ම සූරිය සුළඟ තුළින් ඔබට දැකගත හැකියි.

එළඹෙන මැයි මාසයේදී දිවයින පුරා පිහිටි සිනමා හල්වලදී සූරිය සුළඟ තිරගත කිරීමට නියමිතයි.

 

Share

208 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.