හේමාල් රඟන Second Show පූර්ව ප්‍රචාරකපටය නිකුත් වෙයි

Avatar Kavinu Weerakkody | June 17, 2022 3520 Views 3 Likes 5 On 2 Ratings

3520 Views 5 On 2 Ratings Rate it

හේමාල් රණසිංහ රංගනයෙන් එක් වන “සෙකන්ඩ් ෂෝ (Second Show)” ඉන්දීය චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය දැන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. නුදුරු දිනකදීම දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ තිරගත වීමට නියමිත මෙම සිනමාපටය, දමිළ සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම මුදා හරින්නට සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.

EAP බෙදාහැරීමක් ලෙසින් මෙරට සිනමාශාලාවලට නිකුත් වීමට නියමිත මෙම Second Show සිනමා නිර්මාණය හේමාල් රණසිංහ රංගනයෙන් දායක වූ පළමු ඉන්දීය චිත්‍රපටය ද වනවා. ඔහු ඊට සම්බන්ධ වන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කරගත් දමිළ සිනමා කර්මාන්තයෙන් ලද ඇරයුමක් අනුවයි. Second Show අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඉන්දීය ජාතික T. Gnanam විසිනුයි. එමෙන්ම, ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පළමු සහ කුළුදුල් සිනමාපටය ද මෙය වනවා.

පහත සබැඳිය ඔස්සේ “සෙකන්ඩ් ෂෝ (Second Show)” චිත්‍රපටයේ නිල සිංහල පූර්ව ප්‍රචාරකපටය නැරඹීමට හැකියාව තිබෙනවා.

2019 වර්ෂයේ අග භාගයේදී නිෂ්පාදන කටයුතු ඇරඹි මෙම සිනමාපටය බ්‍රිතාන්‍යය හා ඉන්දියාව ආශ්‍රිතව රූගත කළ බවට සඳහන් වනවා. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් – බර්මින්හැම් ප්‍රදේශ කිහිපයක්ම Second Show දර්ශන තල සඳහා භාවිතයට ගෙන තිබෙන අතර චිත්‍රපටයේ ධාවන කාලයෙන් වැඩි ප්‍රමාණයක් අඩංගු වන්නේද ද බ්‍රිතාන්‍යයේ රූගත කළ දර්ශන බවයි දැනගන්නට ලැබෙන්නේ. මෙයින් බොහෝමයක් දර්ශන දමිළ සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම රූගත කළ බවත් අන්තර්ජාලයේ සඳහන්!

ප්‍රධාන චරිතයකට පණ පොවන ලාංකීය නලු හේමාල් රණසිංහට අමතරව Filmfare සම්මානලාභී අජ්මල් ආමීර්, කොලිවුඩ් නිළි විද්‍යා ප්‍රදීප් මෙන්ම ‘යශෝදරා’ ලාංකීය චිත්‍රපටයෙ හි ප්‍රධාන චරිත රඟපෑ ඉන්දීය රංගන ශිල්පිනී පල්ලවී සුභාෂ් ද Second Show චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වනවා. සෙසු චරිතවලට පණ පොවන්නේ Akshata Sonawane, Maira Singh, Isha Chhbra, Black Pondy ඇතුළු කොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් පිරිසකුයි.

මිතුරන් පිරිසක් සහ ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභිරහස් බලවේගයක් වටා ගෙතෙන මෙය Horror / Thriller වර්ගීකරණයට අයත් වන්නක්. Dark Room Creations බැනරය වෙනුවෙන් නිෂ්පාදන පිරිවැය දරා තිබෙන්නේ මහදේවන් ගනේෂ් විසිනුයි. L.K. Vijay කැමරාකරණයෙන් සහ K Rangis සංස්කරණයෙන් එක්ව තිබෙනවා. චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කර තිබෙන්නේ Ambi Subramanian සහ Praneev Verl දෙදෙනා එක්වයි. දමිළ සහ සිංහල පිටපත් සඳහා ගීත වෙන වෙනම නිර්මාණය කර තිබෙන අතර සිංහල පිටපතෙ හි ගීත ත්‍රිත්වයක් ඇතුළත් වනවා. එම ගීත සියල්ලම රචනා කර තිබෙන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි. කසුන් කල්හාර, උරේෂා රවිහාරි, කුෂානි සඳරේඛා ඇතුළු පිරිසක් ඊට ගායනයෙන් එක්ව තිබෙනවා. සිංහල ගීත ඇතුළත් Jukebox ඇල්බමය ද මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර අවසානයි.
Divo Music ලේබලය යටතේ පහත සබැඳියෙන් ඔබට එය නරඹන්නට හැකියි.

0:00 – මිහිරේ

ගායනය : කසුන් කල්හාර, උරේෂා රවිහාරි
ගී පද : කසුන් මහේන්ද්‍ර හීනටිගල

4:22 – සරාගී සුළඟේ

ගායනය : කසුන් කල්හාර, කුෂානි සඳරේඛා
ගී පද : කසුන් මහේන්ද්‍ර හීනටිගල

8:36 – ආල වට්ටම්

ගායනය : දිනේන්ද්‍ර බණ්ඩාර, කාවින්දි ගුණවර්ධන
ගී පද : කසුන් මහේන්ද්‍ර හීනටිගල

2012 වසරේදී Super Six චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි හේමාල් රණසිංහ වර්තමානය වනවිට ලාංකීය සිනමාවේ වැඩිම රසික ජනාදරයට පාත්‍ර වූ රංගන ශිල්පීන් අතුරින් අයෙක්. එමෙන්ම චිත්‍රපටයක් සඳහා අද වැඩිම මුදලක් අය කරන ලාංකීය නලුවා වන්නේ ද ඔහුයි. මේ ඔහු රංගනයෙන් දායක වූ පළමු විදේශ චිත්‍රපටය වන අතර 2012 සිට රඟපෑ දහඅටවන සිනමා නිර්මාණයයි.

Second Show (2022)

Direction : A.T.Gnanam
Story-Screenplay : A.T.Gnanam
Producer : Siva Brothers

Cast: Ajmal Ameer, Hemal Ranasinghe, Akshata Sonawane, Maira Singh, Pallavi Subhash, Vidya Pradeep, Isha Chhabra, Black Pondy, Inba, Sri Krish, Suraj Nanda (Maurirtius), London Venkat, Gifty (London), Robert (London), Mukkur N. Ramajayam

Production House : Dark Room Creations
Song Music: Ambi Subramaniam, Praneev Verl
Background Music: Raghav Prasad
DOP: L.K.Vijay
Editor: Rangis
Dialogue: S.Mohan
Lyricist: Pa.Vijay, A.T.Gnanam, Ambi Prabass
Singers: Diwakar, Sathya Prakash, Deepak, Shrikanth, Chinamyi. Saranya Gopinath, Bindu Subramaniam
Co- Director: Bhargavi Kalidas
Assistant Directors: Thangaraj, S. Sathyamoorthi
Costume Designer: Vinaya Devv
Assistant : Nandita Manmohan Nayak
Chief Costumer: Ramana
Costumer: S. Kasim Bai, M. Soundharajan
Choreographer: Sri Krish, Suraj Nanda (Mauritius)
Art Director: Kall Premkumar BFA
VFX: D note studio
Moorthy.R
DI: Star Studio
Colorist: C. Kathik Chandrasekar
Assistant Colorist: T.K.Bharani
Confirmist: G. Munish
PRO: Sathish AIM
PRO Assistant: Sathish Kumar, Siva
Sound Effects: Appu
Assistant: Seenu
Sound Recording: AH Studio (Chennai)
Recorded by: Boopathy
Mix & Mastered by: AJ Daniel
Designs: Mughil Designs
Production Controller: K. Mani Varma
CEO: P.Raghuraman
Line Producer: Vijay Kulkarni (UK)
Executive Producer: Koushalya
Makeup: C.H.Venu
Makeup assistant: N. Vikkiramathithan
Hairdresser: Hardeep Kaur, Jaspreet Kaur Panesar
Dubbing Theatre: Alpha Media
Sound Designer: G. Krishnan D.F.Tech
Sound Engineer: D. Manimaran
R.Dhanakodi (Manager)
DTS 5.1 Mixing: Alpha Media
Autography: R.Krishnamoorthy
Associate Cameraman: Jeeva
Focus Puller: Suresh
Art Assistant: Munipillai
Editing Assistant: Monesh
Stills: Muthu Paul

Music Label: Divo Tv Private Limited

Share

3520 Views 5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.