හොලිවුඩයේ දැවැන්තම Oscars සිනමා රාත්‍රිය 96වන වරටත්

Avatar Kavinu Weerakkody | March 17, 2024 51 Views 0 Likes 5 On 1 Rating

51 Views 5 On 1 Rating Rate it

හොලීවුඩයේ දැවැන්තම සිනමා රාත්‍රිය- ඇකඩමි (OSCARS) සම්මාන උළෙල නොකඩවා 96 වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුනු අතර සුපුරුදු පරිදි ලෝ පුරා සිටින ජනප්‍රිය නලු නිළියන්, අධ්‍යක්ෂකවරුන්, සිනමාවේදීන් රැසක් ඊට සහභාගී වී සිටිනු දක්නට ලැබුනා.
පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර තිරගත වුනු හොලිවුඩ් චිත්‍රපට බොහෝමයකට ධනාත්මක ප්‍රේක්ෂක – විචාර ප්‍රතිචාර ලැබුනු නිසාම, තියුනු තරඟයකින් පසුව මෙවර සම්මාන දිනා ගන්නා ජයග්‍රාහකයින් දැනුම් දෙන තුරු සෑම දෙනාම සිටියේ බොහොම කුතුහලයෙන්…

AMPAS හෙවත් Academy of Motion Picture Arts and Science සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය වන වාර්ෂික ඇකඩමි සම්මාන රාත්‍රිය පළමු වතාවට ආරම්භ වූයේ මීට වසර වසර 94කට පෙර 1929 වර්ෂයේදී යි.
ඒ සෑම වසරකදීම තිරගත වන සිය ගණනක් සිනමාපට අතුරින් විශිෂ්ටතම රංගන කුසලතා සහ තාක්ෂණික භාවිතාවන් සිදු කර තිබෙන ගුණාත්මක තත්වයේ නිර්මාණ තෝරා ගනිමින් ඒවා ඇගයීමට ලක් කිරීම උදෙසා යි.

එතැන් පටන් මේ දක්වා සෑම වසරකම නොකඩවා මෙම උත්කර්ෂවත් සිනමා රාත්‍රිය සංවිධානය වන අතර පසුගියදා මාර්තු දහවනදා පැවැත්වුනේ එහි 96වන දිගහැරුමයි. මෙවර සම්මාන උළෙල මෙහෙයවූයේ ජනප්‍රිය රූපවාහිනී නිවේදක Jimmy Kimmel විසිනුයි.

නිර්දේශ වූ සම්මාන ඉසව් 13න් 07ක්ම ජයග්‍රහණය කරමින් මෙවර ඇකඩමි රාත්‍රියේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගත් චිත්‍රපටය බවට පත්වූයේ ක්‍රිස්ටොෆ’ර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කළ Oppenheimer චිත්‍රපටයයි. Best Picture, Best Director, Best Cinematography ඇතුළු සම්මාන රැසක් ඊට ඇතුළත්. මෙවර වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියා ලෙසින් Cillian Murphy සම්මාන ලැබූයේ ද, වසරේ විශිෂ්ටතම සහාය රංගන ශිල්පියා වශයෙන් Robert Dowwney Jr සම්මානයට පාත්‍ර වූයේ ද Oppenheimer සිනමාපටයේ රංගනය උදෙසායි.

Academy Awards 2024 හි ජයග්‍රහණ ලබාගත් සියලුම නලු නිළියන්, අධ්‍යක්ෂකවරුන් ඇතුළු සිනමාකරුවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින්…

Best picture

American Fiction
Anatomy of a Fall
Barbie
The Holdovers
Killers of the Flower Moon
Maestro
Oppenheimer – WINNER
Past Lives
Poor Things
The Zone of Interest

Best actor in a leading role

Bradley Cooper – Maestro
Colman Domingo – Rustin
Paul Giamatti – The Holdovers
Cillian Murphy – Oppenheimer – WINNER
Jeffrey Wright – American Fiction

Best actor in a supporting role

Sterling K Brown – American Fiction
Robert De Niro – Killers of the Flower Moon
Robert Downey Jr – Oppenheimer – WINNER
Ryan Gosling – Barbie
Mark Ruffalo – Poor Things

Best actress in a leading role

Annette Bening – Nyad
Lily Gladstone – Killers of the Flower Moon
Sandra Hüller – Anatomy of a Fall
Carey Mulligan – Maestro
Emma Stone – Poor Things – WINNER

Best actress in a supporting role

Emily Blunt – Oppenheimer
Danielle Brooks – The Color Purple
America Ferrera – Barbie
Jodie Foster – Nyad
Da’Vine Joy Randolph – The Holdovers – WINNER

Best directing

Anatomy of a Fall – Justine Triet
Killers of the Flower Moon – Martin Scorsese
Oppenheimer – Christopher Nolan – WINNER
Poor Things – Yorgos Lanthimos
The Zone of Interest – Jonathan Glazer

මෙවර ‘විශිෂ්ටතම සිනමා අධ්‍යක්ෂණය’ වෙනුවෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක Martin Scorsese ද නිර්දේශ වී තිබූ අතර එම සම්මානය සඳහා නිර්දේශ වූ වයස්ගතම පුද්ගලයාගේ වාර්තාව ද මේ සමඟින් ඔහුගේ නමට ලියැවෙනවා. Killers of the Flower Moon වෙනුවෙන් මාටින් ස්කොසෙසි මෙවර සම්මානයට නිර්දේශ වනවිට ඔහුගේ වයස අවුරුදු 81ක්.

Best adapted screenplay

American Fiction – WINNER
Barbie
Oppenheimer
Poor Things
The Zone of Interest

Best original screenplay

Anatomy of a Fall – WINNER
The Holdovers
Maestro
May December
Past Lives

Best cinematography

El Conde
Killers of the Flower Moon
Maestro
Oppenheimer- WINNER
Poor Things

Best costume design

Barbie
Killers of the Flower Moon
Napoleon
Oppenheimer
Poor Things – WINNER

Best animated feature film

The Boy and the Heron – WINNER
Elemental
Nimona
Robot Dreams
Spider-Man: Across the Spider-Verse

මෙවර හොඳම පරිගණක සජීවීකරණ සිනමාපටය ලෙසින් ජයගත් The Boy and the Heron අධ්‍යක්ෂණය කළේ ඇනිමේෂන් සිනමා ඉතිහාසයේ පුරාවෘතයක් බඳු, ජපන් ජාතික සිනමාකරුවෙකු වන Hayao Miyazaki විසිනුයි. මෙය ඔහු දිනාගත් දෙවන ඇකඩමි සම්මානයයි.

Best documentary feature film

Bobi Wine: The People’s President
The Eternal Memory
Four Daughters
To Kill a Tiger
20 Days in Mariupol – WINNER

Best documentary short film

The ABCs of Book Banning
The Barber of Little Rock
Island in Between
The Last Repair Shop – WINNER
Nǎi Nai & Wài Pó

Best film editing

Anatomy of a Fall
The Holdovers
Killers of the Flower Moon
Oppenheimer – WINNER
Poor Things

Best international feature film

Io Capitano
Perfect Days
Society of the Snow
The Teachers’ Lounge
The Zone of Interest – WINNER

Best makeup and hairstyling

Golda
Maestro
Oppenheimer
Poor Things – WINNER
Society of the Snow

Best original song

The Fire Inside – Flamin’ Hot
I’m Just Ken – Barbie
It Never Went Away – American Symphony
Wahzhazhe (A Song for My People) – Killers of the Flower Moon
What Was I Made For? – Barbie – WINNER

Best Original Song ලෙසින් මෙවර සම්මානය දිනා ගත් ‘What Was I Made For?’ ගීතය Billie Eilish විසින් ගායනා කරන්නක් වන අතර එම සම්මානය සමඟින් ඇකඩමි ඉතිහාසයේ දෙවරක් සම්මාන ලැබූ ලාබාලතම පුද්ගලයා වීමේ භාග්‍යය ද ඇයට හිමිවුනා.
මීට පෙර 94වන Academy සම්මාන උත්සවයේදී ද ඇය විසින් සම්මානයක් දිනාගත්තා.

Best original score

American Fiction
Indiana Jones and the Dial of Destiny
Killers of the Flower Moon
Oppenheimer – WINNER
Poor Things

Best production design

Barbie
Killers of the Flower Moon
Napoleon
Oppenheimer
Poor Things – WINNER

Best animated short film

Letter to a Pig
Ninety-Five Senses
Our Uniform
Pachyderme
WAR IS OVER! Inspired by the Music of John & Yoko – WINNER

Best live action short film

The After
Invincible
Knight of Fortune
Red, White and Blue
The Wonderful Story of Henry Sugar – WINNER

Best sound

The Creator
Maestro
Mission: Impossible – Dead Reckoning Part One
Oppenheimer
The Zone of Interest – WINNER

Best visual effects

The Creator
Godzilla Minus One – WINNER
Guardians of the Galaxy Vol 3
Mission: Impossible – Dead Reckoning Part One
Napoleon

Share

51 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.