අලුත්ම චිත්‍රපට හයක් නරඹන්න – Cinema of Tomorrow

Avatar Nisanka Weheraduwa | May 9, 2018 105 Views 0 Likes 0 Ratings

105 Views 0 Ratings Rate it

දෙරණ සිනමා සම්මාන 2018 යටතේ සිනමාව ආශ්‍රිත විවිධ කටයුතු රැසක් සිදුකිරීමට සැලසුම් කොට තිබෙනවා. අලුත්ම දේශීය චිත්‍රපට හයක් ප්‍රදර්ශනය කෙරෙන Cinema of Tomorrow කාණ්ඩය ඒ අතර සුවිශේෂියි. ශ්‍රී ලාකේය සිනමා නිර්මාණකරුවන් හය දෙනෙකුගේ අලුත්ම සිනමා නිර්මාණ හයක් මේ යටතේ ප්‍රදර්ශනය කෙරෙනවා. මැයි මස 19 සහ 20 යන දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මේ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනවා. 19 සහ 20 දිනවල දිනකට දර්ශන වාර තුන බැගින් පැවැත්වෙනවා. උදේ 10.30 සවස 2.30 සහ සවස 6.30 වශයෙන් දර්සන වාර තුන පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා.

මැයි 19 වැනිදා උදේ 10.30ට නුවන් ජයතිලක අධ්‍යක්ෂණය කළ “සුළඟ අප රැගෙන යාවි” චිත්‍රපටය ප්‍රදර්ශනය වනවා. සවස 2.30ට බුද්ධික වික්‍රමාරච්චිගේ Among the stars සහ සවස 6.30ට චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ “ඇවිලෙන සුළුයි” චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතයි.

මැයි මස 20 වැනිදා උදේ 10.30 දර්ශනය ලෙස සුමති සිවමොහන් අධ්‍යක්ෂණය කළ “පුත්තු සහ පියවරු” චිත්‍රපටයත් සවස 2.30 දර්ශනය ලෙස කෞශල්‍ය මාධව පතිරණ අධ්‍යක්ෂණය කළ “ඉක්කා” චිත්‍රපටයත් තිරගත වනු ඇති. එදිනම සවස 6.30ට විසාකේස චන්ද්‍රසේකාරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය තිරගත කෙරෙනවා. මෙම චිත්‍රපට සියල්ල නොමිලේ නැරඹීමට සිනමා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වන නමුත් පළමුව පැමිණීමෙන් ඔබේ ආසනය වෙන්කරවාගන්නා ලෙස සංවිධායකයින් දැනුම් දෙනවා. චිත්‍රපටය අවසානයේ එහි ශිල්පින් කණ්ඩායම් සමග කෙටි සංවාද මණ්ඩපයක්ද පැවැත්වෙනු ඇති.

 

Share

105 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.