ඔබ තවමත් ප්‍රමාද නැහැ – ඉක්මන් කරන්න. අවසන් දිනය අප්‍රේල් 25.

Avatar Nisanka Weheraduwa | April 15, 2018 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

දෙරණ සිනමා සම්මාන උළෙල 06 වැනි වරටත් මෙවර පැවැත්වෙනවා. 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට 24ක් අතුරින් හොඳම නිර්මාණ සහ නිර්මාණ ශිල්පින් ඇගයීමේ කටයුතු මෙහිදී සිදුකෙරෙනවා. සිනමා සම්මාන උළෙලට සමගාමිව තවත් වැඩසටහන් රැසක් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා. Cinema of tomorrow සහ Short Film Competition මේ අතර විශේෂයි.

දෙරණ සිනමා උළෙලට සමගාමිව නවක අධ්‍යක්ෂවයකුගේ නවක නිර්මාණ පුළුල් තිරයේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදී ඉන් තෝරා ගන්නා හොඳම නිර්මාණ සඳහා ඇගයීම් ලබා දීම මෙහිදී සිදුකෙරෙනවා. cinema of tomorrow කාණ්ඩය සඳහා නිර්මාණ බාරගැනීමත් මේ දිනවල සිදු කෙරෙනවා.

Short Film Competition

කෙටි චිත්‍රපට කියන්නේ මේ වනවිට ඉතා ජනප්‍රිය කළා මාධ්‍යයක්. බොහෝ තරුණ පිරිස් කෙටි චිත්‍රපට නිර්මාණකරණයට යොමු වීමේ ප්‍රවනතාවක් දක්නට තිබෙනවා. ඒ නිසාම දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමිව කෙටි චිත්‍රපට තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා දන් නිර්මාණ ලබාදීමේ හැකියාව තිබෙනවා. පහත සඳහන් අයදුම්පත හෝ එහි ආදර්ශ පිටපතක් සමග ඔබේ කෙටි චිත්‍රපට නිර්මාණය දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත ගෙනවිත් බාරදීම සිදුකළ හැකියි. නොඑසේ නම් ඊමේල් මගින් අයදුම්පත සමග නිර්මාණය එවීමත් සිදුකිරීමට හැකියාව තිබෙනවා. ඔබේ කෙටි චිත්‍රපට නිර්මාණය හැකි ඉක්මනින් සංවිධායකයින් වෙත ලබාදීම අත්‍යවශ්‍ය වනවා.

Share

74 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.