චිත්‍රපට කර්මාන්තයට සහන රැසක් සැපයේ

Avatar Nisanka Weheraduwa | March 8, 2019 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

චිත්‍රපට කර්මාන්තයට අදාළව සහන ලබාදීමට රජය කටයුතු කරන බව පවසනවා. දේශීය චිත්‍රපට කර්මාන්තය සඳහා බදු සහන ලබාදීමට මේ යටතේ කටයුතු කරන බව සඳහන්. සංස්කෘතික මාතය සජිත් ප්‍රේමදාස පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් මේ බව පවසා තිබෙනවා. ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.

චිත්‍රාගාර සහ කාර්මික ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා කටයුතු කරන බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා. ක්ෂේත්‍රයේ ගැටළු රැසක් හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහාවන කෙටි කාලීන, මාධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් පියවර තුනක් යටතේ විසඳුම් ලබා දීමට සැළසුම් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබුනා. සිනමාශාලා වලට E-Ticketing ක්‍රමය හඳුන්වා දීමට ඉක්මනින්ම කටයුතු කරන බවත්, සිනමා ප්‍රක්ෂේපන යන්ත්‍ර සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් යුතු නව ප්‍රක්ෂේපන යන්ත්‍ර දැනටමත් ඇණවුම් කොට ඇති බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී පවසා තිබුනා.

Share

65 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.