දෙරණ පස්වැනි සිනමාභිෂේකයට සියල්ල සුදානම්..(දෙවෙනි පියවර)

Avatar Nisanka Weheraduwa | September 21, 2017 339 Views 0 Likes 0 Ratings

339 Views 0 Ratings Rate it

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන 2017 සඳහා මේ වනවිට සියල්ල සුදානම් වෙමින් පවතින බව අපි ඔයාලට දැනුම් දුන්නා. මෙවර සිනමා සම්මාන උළෙලේදී ඇගයීම් කටයුතු සඳහා තෝරා ගැනුණු තවත් චිත්‍රපට තුනක් පිලිබඳ තොරතුරු ඔබට ගෙන එන්නට cinema.lk සුදානම්.

පත්තිනි – ලංකාවේ සිනමාවට ඉතිහාස කතා, රජ කතා රැල්ලක් මෑත කාලයේ බිහිවුණා. ජනප්‍රිය ඉතිහාස කතා බොහොමයක් මේ විදිහට සිනමාවට නැගුනා. පත්තිනි චිත්‍රපටයත් එවැන්නක්. මාහාචාර්ය සුනිල් ආරියරත්න පත්තිනි සිනමාපටය අධ්‍යක්ෂණය කළා. ඉතිහාසයේ ජනප්‍රිය ආදර කතාවක් සහ ඛේදවාචකයක් වුනු කන්නකි කෝවලන් ආදරයත් ඒ ඇසුරින් පත්තිනි දේවතාවියක් ලෙස පුජනියට පත්වීම දක්වා සිදුවීම් මාලාවත් මේ චිත්‍රපටය හරහා සිනමාවට නගා තිබුනා. සුමති ෆිල්ම්ස් වෙනුවෙන් මිලිනා සුමතිපාල චිත්‍රපටය නිෂ්පාදනයට දායක වුනා. පුජා උමාශංකර් සහ උද්දික ප්‍රේමරත්න කන්නකි සහ කෝවලන් ලෙස රංගනයේ යෙදුන පත්තිනි චිත්‍රපටයට රවින්ද්‍ර රන්දෙණිය, විනා ජයකොඩි, අරුණි රාජපක්ෂ ඇතුළු ශිල්පින් රැසක් දායකත්වය දැක්වුවා.

21908443_1649007941836120_1261177350_o

සක්කාරන් – සිංහල සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් සහිත සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් තමයි ධර්මසේන පතිරාජයන්. ඔහුගේ නිර්මාණයක් වුනු සක්කාරන් චිත්‍රපටයත් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙල සඳහා තරග වදිනවා. චාමින්ද වෙලගෙදර රචනයක් වුනු සක්කාරන් චිත්‍රපටය නිෂ්පාදනය කලේ එච්.ඩි. ප්‍රේමසිරි විසින්. ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් සහ එල්මෝ හැලිඩ් සංස්කරණයෙන් දායක වුනු සක්කාරන් නදීක ගුරුගේගේ සංගීතයෙන් හැඩවුනා. බිමල් ජයකොඩි සමග ප්‍රසාදිනී අතපත්තු ප්‍රධාන භූමිකාවන් නිරුපනය කරද්දී පුබුදු චතුරංග සිරිල් වික්‍රමගේ ඇතුළු නළු නිළි පිරිසක් මේ සිනමාපටයට රංගනයෙන් දායක වුනා.

21895192_1649007888502792_1518924256_o

දුවන්නැතුවම දින්නා –  සිංහල සිනමාවට සරල විනෝදාස්වාදය සහිත චිත්‍රපටත් සෑම වසරකම වගේ නිර්මාණය කෙරෙනවා. සරළ විනෝදකාමී චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයකුත් අනෙකුත් හැම සිනමා කර්මාන්තයක වගේම ශ්‍රී ලංකාවේ සිනමාවටත් සිටීම ඊට හේතුවක්. මේ චිත්‍රපටය එවැන්නක්. තිර රචනය සහ අධ්‍යක්ෂණය කල්‍යාණ චන්ද්‍රසිරිගෙන්. බින්දු බෝතලේගම, රොනී ලීච්, රොඩ්නි වර්ණකුල, මාදි පණ්ඩිතරත්න ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයේ රංගන දායකත්වය සැපයුවා. දෙරණ සිනමා සම්මාන සඳහා දුවන්නැතුවම දින්නා චිත්‍රපටයත් මෙවර  තරග වදිනවා.

අවසන් වටයේ තරග වදින තවත් චිත්‍රපට හතරක තොරතුරු හෙට දවසේදී cinema.lk තුළින් ඔබට දැනගැනීමට අවස්ථාව ලැබෙනවා. Derana Sunsilk Film Awards 2017 සිනමා සම්මාන පිලිබඳ සියලු තොරතුරු දැනගැනීමට cinema.lk වෙබ් අඩවියට සහ Cinema.lk ෆේස්බුක් පිටුවට පිවිසෙන්නත් සිනමා රසික සැමට අවස්තාව තිබෙනවා.

සටහන : නිසංක වෙහෙරදුව

Share

339 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.