දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන – සූදානම (හයවැනි පියවර)

Avatar Nisanka Weheraduwa | September 26, 2017 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් මස 6 වැනිදා පැවැත්වෙන බව මේ වෙද්දී ශ්‍රී ලාංකික සිනමාලෝලීන් හොඳින්ම දන්නවා. මෙරට සිනමා ක්ෂේත්‍රයේ ශිල්පින් ඇගයීමට දෙරණ මාධ්‍ය ජාලය සන්සිල්ක් සමග එක්ව සංවිධාන කළ සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ පස්වැනි වරට. ඇගයීම් සඳහා සලකා බැලෙන්නේ 2016 වර්ෂය තුල තිරගත කෙරුණු චිත්‍රපට. ජූරිය විසින් ඇගයීමේ කටයුතු සඳහා සලකා බැලෙන සිනමාපට නාමාවලියේ තවත් සිනමාපට දෙකක තොරතුරු cinema.lk කියවන සිනමාලෝලි ඔබ වෙනුවෙන් ගෙන එන්න අපි සුදානම්.

හීරෝ නීරෝ – ප්‍රදීප් මහේෂ් ලියනගේ නිර්මාණය කළ නිශාන්ත ප්‍රදීප් නිෂ්පාදනය කළ හීරෝ නීරෝ චිත්‍රපටයත් මේ සිනමාපට නාමාවලියට ඇතුළත්. විනෝදාස්වාදය සහිත, ළමා චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන නිර්මාණය වූ මේ සිනමාපටයට ෂමිල් ඩි. මොහොමඩ් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුනා. මහින්ද පතිරගේ, නිල්මිණි තෙන්නකෝන්, ඔටාරා ගුණවර්ධන, දුලීකා මාරපන ඇතුළු ප්‍රවීණ ශිල්පින් පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මිහිඳු ඔමාල් ප්‍රධාන ළමා නළුවා ලෙස සිනමාපටයට රංගනයෙන් දායක වුනා.

insidelk_hero-nero-sinhala-movie-2016

සරිගම – මෙරට ළමා සිනමාපට නාමාවලියට සිනමා නිර්මාණ රැසක් දායාද කළ සිනමා අධ්‍යක්ෂවරයෙක් වුනු ආචාර්ය සෝමරත්න දිසානායක නිර්මාණය කළ සරිගම චිත්‍රපටයත් මෙවර ඇගයීම් සඳහා නිර්දේශිතයි. සිනමාපටය නිෂ්පාදනය කලේ එච්.ඩි.ප්‍රේමසිරි. ජනප්‍රිය රංගන ශිල්පිනි පුජා උමාශංකර් මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කළා. ආඥාදායක පියෙකුගේ නීති රීති යටතේ හැදෙන දරුවන් පිරිසක් වඩා මානුෂිය සහ සෞම්‍ය දරුවන් බවට පත් කිරීමට උත්සාහ කරන තරුණියක් වටා ගෙතුණු සුන්දර කතාවක් මේ සිනමාපටය  හරහා ගෙන එන්නට අධ්‍යක්ෂවරයාට හැකිව තිබෙනවා.

maxresdefault (4)

 

 

Share

84 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.