නොමියෙන මතකය සමග, සුභා ජිනීවා යයි

Avatar Nisanka Weheraduwa | March 9, 2019 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

“නොමියන මතකය” ස්විට්සර්ලන්තයේ මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනයට සුදුසුකම් ලබයි….

17 වෙනි වරටත් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (08) ඇරඹෙන මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙලේ (International Film Festival on Human Rights) ප්‍රබන්ධ සිනමාපට තරඟ අංශය (Competition Fictions) නියෝජනය කිරීමට සුබා සිවකුමාරන් අධ්‍යක්ෂණය කල “නොමියෙන මතකය”( House of My Fathers) සිනමාපටය සුදුසුකම් ලබා ඇත. ඒ අනුව එළඹෙන මාර්තු 11 සහ 14 යන දෙදින තුල “නොමියන මතකය” මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කෙරේ. “නොමියන මතකය” ඇතුළුව දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 08 ක් ප්‍රබන්ධ සිනමාපට තරඟ අංශය නියෝජනය කරන අතර එම සිනමාපට එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, බ්‍රසීලය, පෝලන්තය, ඉන්දියාව, තායිලන්තය, සුඩානය හා ශ්‍රී ලංකාව යනාදී රටවලට අයත් වේ.

2003 වර්ෂයේදී පළමු වරට ඇරඹි ස්විට්සර්ලන්තයේ මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන දෙවන ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ” නොමියන මතකය” වන අතර , මීට පෙර සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” සිනමාපටය 2017 වර්ෂයේදී ප්‍රබන්ධ සිනමාපට තරඟ අංශය නියෝජනය කරමින් සම්මාන ද්විත්වයකට පාත්‍රවිය. බිමල් ජයකොඩි, ප්‍රදීප ජීවා, ස්ටීව් සිල්වා, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ් යනාදී නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙන “නොමියන මතකය” චිත්‍රපටය නියෝජනය කරන 11 වෙනි අන්තර්ජාතික සිනමා උළෙල මෙය වන අතර, මීට පෙර බූසාන්- දකුණු කොරියාව, හැම්බර්ග්- ජර්මනිය, ලන්ඩන් – එංගලන්තය, මුම්බායි- ඉන්දියාව, ධරම්ශාලා- ඉන්දියාව, හවායි- ඇ.එ.ජනපදය, කොල්කටා- ඉන්දියාව, සිංගප්පූරු- සිංගප්පූරුව , කේරළ – ඉන්දියාව, රොටර්ඩෑම්- නෙදර්ලන්තය යනාදි අන්තර්ජාතික සිනමා උළෙලයන්හිදී “නොමියන මතකය” තිරගත විය.
සටහන – උදිත ලක්මාල් කහඳවආරච්චි

53285602_2285107941817174_2785577679217229824_n

Share

68 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.