ප්‍රවීණ රංගවේදිනි සේරසිංහ මහත්මිය අසනීපවෙයි

Avatar Nisanka Weheraduwa | February 2, 2019 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

දාහක ගණනාවක් පුරා රිදී තිරය, වේදිකාව සහ ටෙලි තිරයේ අපූරු චරිත රැසක හිමිකාරිය වූ ප්‍රවීණ රංගවේදිනි අයිරාංගනී සේරසිංහ මහත්මිය අසනීපව රෝහල්ගත කොට ඇති බව පැවසෙනවා. මේ වනවිට එතුමිය 92වැනි වියේ පසු වනවා.

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් එතුමිය රෝහල්ගත කළ බවත් මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සඳහන්. කෙසේ නමුත් එතුමියගේ අසනීප තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. රංගවේදිනි අයිරාංගනී සේරසිංහ මැතිණියට ඉක්මන් සුව ලැබේවායි cinema.lk අපි, ප්‍රාර්ථනා කරනවා.

Share

69 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.