මේ අවස්ථාව ඔබේ විය හැකියි. ඉක්මනින් අයදුම් කරන්න

Avatar Nisanka Weheraduwa | July 26, 2018 62 Views 0 Likes 0 Ratings

62 Views 0 Ratings Rate it

කෙටි චිත්‍රපට නිර්මාණයකරණය සඳහා උනන්දු වන පිරිස දවසින් දවස වැඩි වනවා. නමුත් මේ චිත්‍රපට නිර්මාණ කරුවන් ඉදිරියට ගෙන එමින් ඔවුන්ව දිරිමත් කිරීම සඳහා වන වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඉතා අල්ප වශයෙන්. ඉතා උසස් මට්ටමේ නිර්මාණ අදහස් සහ නිර්මාණ ශක්‍යතාවක් තිබුනා උනත් අවශ්‍ය සම්පත් සපයා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ඒ නිර්මාණ සිහිනයක් පමණක් වන අවස්ථා ඕනෑ තරම් හඳුනාගත හැකියි. ඔබත් එවැනි විශිෂ්ට නිර්මාණයක් පිලිබඳ සිහින දකින්නෙක් නම් මේ අවස්ථාව ඔබේ විය හැකියි.

Green light films, එවැනි සිහින දකින ඔබ වෙනුවෙන්ම දියත් කරන වදසැහැටහනක් මේ. ඔබ නිර්මාණ කිරීමට අපේක්ෂා කරන කෙටි චිත්‍රපටයට නිෂ්පාදන ක්‍රියාවලියෙන් සහ අර්ථපතිත්වයෙන් දායක වන්න ඔවුන් සුදානම්. ඔබට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. ඔබේ චිත්‍රපටයේ කෙටි සාරාංශයක් (Synopsis) සහ පිටපත (Script) සමග අධ්‍යක්ෂවරයාගේ දත්ත ඇතුලත් Director’s profile එකක් ඔවුන් වෙත යොමු කිරීම පමණයි. ඔබේ නිෂ්පාදනය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය සටහනකුත් ඒ සමගින් අමුණන්න අමතක කරන්න එපා. කොන්දේසිය වන්නේ මේ පිරිවැය 200,000/- වඩා අඩු විය යුතු වීම. අගෝස්තු 13 වැනිදා වනතුරු අයදුම් කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ අවස්තාව මගනොහැර භාවිතා කරන්න. ඔබේ නිර්මාණය වඩාත් නිර්මාණශීලි Project එක නම් තවදුරටත් එය සිහිනයක් නොවී, නිර්මාණයක් ලෙසින් එළිදක්වන්න ඔබට අවස්ථාව ලැබේවි.

37760487_2004717206239686_5725497696865746944_n

 

Share

62 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.