ලාංකික සම්භවයක් සහිත නළු Fedrick රඟපෑ හොලිවුඩ් චිත්‍රපටය තිරගත කෙරෙයි.

Avatar Nisanka Weheraduwa | June 13, 2021 258 Views 0 Likes 0 Ratings

258 Views 0 Ratings Rate it

ලාංකික සම්භවයක් සහිත නළුවකු රංගනයෙන් දායක වන හොලිවුඩ් චිත්‍රපටයක් ජුනි 13 වැනිදා සිට ලොවපුරා තිරගත වීම් ආරම්භ වනවා. Aziz Tazi විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය Night Walk ලෙස නම්කොට තිබෙනවා. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු නළු Frederick-James Koch මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.

ජුනි 13 වැනිදා හොලිවුඩයේ ප්‍රධාන පෙලේ රඟහලක් වන Landmark Theatres හිදී චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වෙනවා. ලොවපුරා සිනමාශාලා වලදී මෙන්ම ඩිජිටල් මාධ්‍යයෙන් OTT Platforms සහ DVD මාධ්‍ය හරහාත් චිත්‍රපටය බෙදාහැරීමට කටයුතු කොට ඇති බව අදාළ සමාගම පවසනවා.

ශ්‍රී ලංකික සම්භවයක් සහිත Frederick-James උපත ලබන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදීයි. National Institute of Dramatic Arts (NIDA) රංගනය පිලිබඳ හදාරන ඔහු ඉන් පසුව Actors Centre Australia වෙත පිවිසී උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරනවා. ඔහු සිනමාවට එකතු වන්නේ 2013 වසරේ චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කළ  ‘A Common Man’ චිත්‍රපටය සමගිනුයි. හොලිවුඩ් නළු Ben Kingsley සහ Ben Cross ඇතුළු ප්‍රවීණ නළුවන් පිරිසක් සමග ලාංකික ශිල්පීන් පිරිසක්ද මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වූවා. ඉන් අනතුරුව තවත් නිර්මාණ කිහිපයකටම දායක වූ ඔහු Night Walk සමගින් නැවත ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙනවා.

නළුවකු, ගායකයකු, ගීපද රචකයකු, චිත්‍රපට නිෂ්පාදකයකුද වනවා සේම තවත් බොහෝ කලා ක්ෂේත්‍ර සමග කටයුතු කරන ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ජාතික Alston Koch, Frederickගේ පියායි. ඔහුද මේ චිත්‍රපටයේ එක් චරිතයකට රංගනයෙන් දායක වනවා. එසේම Night Walk චිත්‍රපටයේ තේමා ගීතය රචනා කොට කිරීමේ අවස්ථාවත් Frederickට හිමිවී තිබෙනවා. මෙම චිත්‍රපටයේදී ඔහු Bobby නම් ගවේෂණාත්මක මාධ්‍යවේදියකුගේ චරිතයක් නිරූපණය කරනවා.

ජුනි 13 වැනිදා පටන් ලොව පුරා වෙසෙන හොලිවුඩ් සිනමා රසිකයින්ට මේ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව උදා වනවා. ඒ වගේම සිය අලුත්ම නිර්මාණය වෙනුවෙන් සහ සිනමා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු වෙනුවෙන් cinema.lk අපි, Frederick-James Koch වෙත අපේ සුබපැතුම් එක්කරනවා.

Congratulations Fredrick-James Koch…..!!

Share

258 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.