විජය කුමාරතුංග අනුස්මරණ දිනය අද – විජය උපහාර සිනමා දැක්මක් gluuoo.com වෙතින්
ශ්‍රී ලාංකීය සිනමාවේ සිහින කුමරා ලෙසින් රසික හදවත් වල සදාතනික මතකයන් ඉතිරි කළ රංගන ශිල්පී විජය කුමාරතුංග ජිවිතයෙන් සමුගෙන අදට (16 වැනිදාට) වසර තිහක් සම්පුර්ණ වනවා. 1945 ඔක්තෝබර් 09 වැනිදා උපත ලැබූ විජය, මියයන විට 43 වැනි වියේ පසුවුනා. උපතින් කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග ලෙස නම ලැබූ ඔහු ශ්‍රී ලංකාවාසී සිනමා රසිකයින් අතර ප්‍රචලිත වුනේ විජය කුමාරතුංග ලෙසින්. සිනමා නළුවකු මෙන්ම ගායකයකු ලෙසත් රසිකයින් අතර අතිශය ජනප්‍රසාදයට පත් වන්නට විජය කුමාරතුංග භාග්‍යවන්ත වුනා.
1967 වසරේ මනමාලයෝ චිත්‍රපටයෙන් සිනමා ගමන් ඇරඹු විජයගේ තිරගත වුනු මුල්ම සිනමාපටය වුනේ 1969දී තිරගත වුනු හන්තානේ ම්කතාව චිත්‍රපටයයි. එදා සිට 1988 දක්වා කාලය තුළ චිත්‍රපට 110ක පමණ රංගනයේ දීමට ඔහු සමත් වුනා. ඒ අතරින් බොහොමයක් ප්රෙමවන්තයාගේ චරිත වීමත් විශේෂත්වයක්.
විජය කුමාරතුංග 30 වැනි ගුණ සමරුව යෙදෙන අද එනම් පෙබරවාරි 16 වැනිදා සිට විජය අනුස්මරණ සිනමා දැක්මක් gluuoo.com වෙබ් අඩවිය තුලින් නැරඹීමට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමි වනවා. පෙම්බර මධූ, නොම්මර 17, බඹරු ඇවිත්, අහස් ගව්ව, අනුපමා, චන්ඩි රජා, මමයි රජා, එයා දැන් ලොකු ළමයෙක්, යුක්තියට වැඩ, සුසී, ආදරේ හිතෙනව දැක්කම, එදත් චණ්ඩියා අදත් චණ්ඩියා, සංගීතා, දෑසේ මල් පිපිලා, අසිපත මමයි, යන සිනමාපට නැරඹීමට ඔබට අවස්ථාව හිමි වනවා. www.gluuoo.com වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මේ සිනමාපට නැරඹීමට අවස්ථාව හිමි වනවා. විජය කුමාරතුංග නම්වූ සිනමාවේ සිහින කුමරාගේ රංගනයන් රැගත් සිනමාපට පෙළක් ඒක දිගට රස විඳීමට gluuoo.com ඔස්සේ දැන් අවස්ථාව හිමිවනවා.
Written by Nisanka Weheraduwa
