විරාත් – අනුෂ්කා සිය දියණියට නම් තබයි.

Avatar Nisanka Weheraduwa | February 2, 2021 110 Views 0 Likes 0 Ratings

110 Views 0 Ratings Rate it

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අතර විවාහයෙන් පස්සේ ඔවුන් දෙදෙනා වරින්  මාධ්‍ය වල පුවත් මවන්නන් බවට පත්වුනා. කෙසේ නමුත් 2020 අවුරුද්ද ඔවුන් පුවත් මවන වසරක් බවට පත්වුණේ අනුෂ්කා ශර්මා ගැබ් ගැනීමත් සමගින්. සිනමා ක්ෂේත්‍රයේ වගේම ක්‍රීඩා ක්ෂේත්‍රයේත් ලෝක මට්ටමින් මේ පුවත ප්‍රචාරය වී තිබුනා. ඔවුන් දෙදෙනාට සහ ලැබීමට නියමිත දරුවාට දසතින් සුබ පැතුම් එක්කොට තිබුනා.

පසුගිය ජනවාරි 11 වැනිදාව ඔවුන් දෙදෙනාටම සුවිශේෂී දිනයක්. අනුෂ්කා ශර්මා සිය කුළුඳුල් දරුවා එදින බිහිකළා. ඇය බිලිඳියක් බවත් ඇගේ නම පිළිබඳව පසුව දැනුම් දෙන බවත් ඔවුන් දෙදෙනාම සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම් දී තිබුනා.

කෙසේ නමුත් බිලිඳිය ඉපදී දෙසතියකටත් පසුව ඇගේ නම පිළිබඳව විරාත් සහ අනුෂ්කා මාධ්‍ය වෙත නිවේදනය කොට තිබෙනවා. තමන් ඉතාමත් වාසනාවන්ත බවත් කුඩා දියණිය සමග ජීවිතය සම්පුර්ණ වූවා සේ හැඟෙන බවත් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුනා. ඒ අතර සිය දියණියට “Vamika” ලෙස නම් තැබූ බව අනුෂ්කා සිය සාමාජ මාධ්‍ය ගිණුම් මගින් නිවේදනය කොට තිබෙනවා.

Share

110 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.