“විෂම භාග” 48 වැනි ජාත්‍යන්තර සම්මානය දිනාගනියි.
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි
දැනට වැඩිම අන්තර්ජාතික ජයග්රහණ සංඛ්යාවකට හිමිකම් කියන ශ්රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් වාර්තා අතරට එක්ව ඇති ලලිත් රත්නායකගේ “විෂම භාග” (The Other Half) චිත්රපටය, සිය 48 වෙනි ජාත්යන්තර ජයග්රහණයට හිමිකම් කීමට පසුගිය ඔක්තෝබර් 07 වෙනිදා සමත් විය. ඒ එම චිත්රපටය නිෂ්පාදනය කළ අළුදෙණියේ සුබෝධි හිමි, භූතානයේ ඩ්රක් අන්තර්ජාතික සිනමා උළෙලට (Druk International Film Festival) අනුබද්ධිතව පළමු වරට පැවැත්වූ ස්වර්ණ මකර සම්මාන (Golden Dragon Awards) නම් වාර්ෂික සිනමා සම්මාන තරගයේදී “හොඳම නිෂ්පාදක” (Best Producer) ලෙසින් පිදුම් ලැබීමත් සමගය.
වසරේ සෑම මසකම ක්රියාත්මක වන “සිනමා සම්මාන තරග උළෙලක්” (Festival of International Film Awards Competitions) වන ඩ්රක් අන්තර්ජාතික සිනමා උළෙලේ ආරම්භය 2019 වසරේ ජූනි මාසයේදී සටහන් විය. 2019 වසරේ ජූනි මස පටන් 2020 මැයි මාසය දක්වා වූ මාසික අදියරයන් 12ක් තුළදී සම්මාන ලද පාර්ශවයන් 700 ක් පළමු වරට පැවැත්වූ වාර්ෂික ස්වර්ණ මකර සම්මාන තරගයේ නිර්දේශයන් (Nominees) අතරට ඇතුළත්ව තිබුණි. ඒ අනුව 2019 වසරේ ජූනි අදියරේදී සම්මාන ලද”විෂම භාග” චිත්රපටය සම්මාන 04 ක් (හොඳම නිෂ්පාදක- සුබෝධි හිමි/ හොඳම සහාය නළුවා- පංකජ/ හොඳම කුළුඳුල් සිනමාඅධ්යක්ෂක- ලලිත්/ හොඳම අධ්යාපනික සිනමාපටය) සඳහාද, 2019 වසරේ දෙසැම්බර් අදියරේදී සම්මාන ලද සෝමරත්න දිසානායකගේ “සුනාමි” චිත්රපටයසම්මාන 04 ක් (හොඳම අධ්යක්ෂක- සෝමරත්න/ හොඳම නිළිය- නිරංජනී/ හොඳම කැමරාකරණය- විශ්වා/ හොඳම වෘත්තාන්ත සිනමාපටය) සඳහාද, 2020 වසරේ ජනවාරි අදියරේදී සම්මාන ලද ක්රිෂ්ටි ෂෙල්ටන් ප්රනාන්දුගේ “යාත්රා” චිත්රපටය එක් සම්මානයක් (හොඳම වෘත්තාන්ත සිනමාපටය)සඳහාද ලෙසින් ශ්රී ලංකාව නිර්දේශ 09 ක් හිමිකර ගැනීමට සමත්ව තිබුණි. මෙහිදී 2019 වසරේ ජූනි අදියරේදී ‘හොඳම නිෂ්පාදක”නම් වූ සම්මානය පිරිනොනැමුනුද, එම අදියර නියෝජනය කළ “විෂම භාග” චිත්රපටය වෙනුවෙන්අළුදෙණියේ සුබෝධි හිමිගේ නම ‘හොඳම නිෂ්පාදක” සම්මානය යටතේ වාර්ෂික උළෙලේ නිර්දේශයන් (Nominees) අතරට ඇතුළත්වී, අවසානයේ එකී සම්මානයට අළුදෙණියේ සුබෝධි හිමි හිමිකම් කීම කැපීපෙනුණි. එයට අමතරව “විෂම භාග” චිත්රපටය වෙනුවෙන් 2019 වසරේ ජූනි අදියරේදී ‘හොඳම සහාය නළුවා’ සම්මානයෙන් පිදුම් ලද ජැක්සන් ඇන්තනීගේ නම වාර්ෂික උළෙලේදී නිර්දේශයන් (Nominees) අතරට ඇතුළත් නොවී, ඒ වෙනුවට එම ච්ත්රපටයේ ප්රධාන ළමා චරිත දෙකෙන් එකකට පණ පෙවූ ළමා නළු පංකජ වික්රමරත්නගේ නම ඇතුළත්ව තිබීම විශේෂත්වයක් විය.
“විෂම භාග” චිත්රපටය ලද මෙම 48 වෙනි ජාත්යන්තර සම්මානයත් සමග, චිත්රපටයේ නිෂ්පාදක පාර්ශවය වෙත පිරිනැමුණු ජාත්යන්තර සම්මාන සංඛ්යාව 17 ක්ද, සිනමා අධ්යක්ෂක පාර්ශවය (ලලිත් රත්නායක) ලද ජාත්යන්තර සම්මාන සංඛ්යාව 05 ක්ද, රංගන පාර්ශවය (ජැක්සන් ඇන්තනී-5, පන්සිළු වික්රමරත්න-3, හේමසිරි ලියනගේ-1, කෞෂල්යයා ප්රනාන්දු-3, තිලක්ෂණී රත්නායක-2, නළු නිළි සමූහය-1) ලද ජාත්යන්තර සම්මාන සංඛ්යාව 15 ක්ද, සිනමා කැමරාකරණ පාර්ශවය (පාලිත පෙරේරා) ලද ජාත්යන්තර සම්මාන සංඛ්යාව 04 ක්ද, සංගීත අධ්යක්ෂක පාර්ශවය (චාමර රුවන්තිලක) ලද ජාත්යන්තර සම්මාන සංඛ්යාව 02 ක්ද, ශබ්ද පරිපාලන පාර්ශවය (සසික රුවන් මාරසිංහ) ලද ජාත්යන්තර සම්මාන සංඛ්යාව 02 ක්ද, තිර රචක පාර්ශවය (ලලිත් රත්නායක) ලද ජාත්යන්තර සම්මාන සංඛ්යාව 01 ක්ද, සංස්කරණ පාර්ශවය (තිස්ස සුරේන්ද්ර) ලද ජාත්යන්තර සම්මාන සංඛ්යාව 01 ක්ද සහ කලා අධ්යක්ෂක පාර්ශවය (සම්පත් වන්නිආරච්චි) ලද ජාත්යන්තර සම්මාන සංඛ්යාව 01 ක්ද වේ.
සටහන – උදිත ලක්මාල් කහඳවආරච්චි
Written by Nisanka Weheraduwa
