විසිඅට ප්‍රධාන සම්මාන හතරක් දිනාගනියි

Avatar Nisanka Weheraduwa | June 2, 2018 86 Views 0 Likes 0 Ratings

86 Views 0 Ratings Rate it

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය කළා ක්ෂේත්‍රයේ වගේම සිනමා රසිකයින්ගෙත් අවධානයට ලක් වුනා. පසුගිය සතිය පුරාවටම් මෙහි සම්මාන ලැබුණු අයුරු පිළිබඳව සිනමා රසිකයින් අතර විවිධ කතාබහ අති වුනා. විශේෂයෙන් සමාජ ජාල ඔස්සේ මේ පිළිබඳව විවිධ මත පල කොට තිබු අයුරුත් දකින්නට ලැබුනා. කෙසේ නමුත් මෙවර සම්මාන උළෙලේ කැපී පෙනුණු චිත්‍රපට පහක් දක්නට තිබුනා. ධර්ම යුද්ධය, ආලෝකෝ උදපාදි, විසිඅට, සුළඟ ගිනි අරන් සහ ප්‍රේමය නම් කියන චිත්‍රපට පහ මෙලෙස උළෙලේ කැපී පෙනුණු චිත්‍රපට වුනා. ප්‍රධාන සම්මාන රැසක නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබුනේ මේ චිත්‍රපට පහයි.

මේ අතුරින් ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ විසිඅට (28) චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරකට හිමිකම් කීමට සමත් වුනා. හොඳම චිත්‍රපට සංස්කරණය සඳහා සම්මානය හිමිකර ගනීමට විසිඅට චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා වූ රංගන සිංහාරගේ සමත් වුනා. වසරේ හොඳම තිර රචනය සඳහා වන සම්මානය ප්‍රසන්න ජයකොඩි ලබාගත්තේ විසිඅට චිත්‍රපටයේ තිර රචනය වෙනුවෙන්. හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය පාත්‍ර වන්නටත් ප්‍රසන්න ජයකොඩි සමත් වුනා. වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේත් විසිඅට චිත්‍රපටයයි. “මේ චිත්‍රපටය කරද්දීත් අපට පොදු අභියෝගයට මුහුණ දෙන්න සිදුවුණා. ඒ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පිරිවැය. ඒ වෙනුවෙන් අපි කණ්ඩායමක් එකතු වුනා. 14 දෙනෙක් ඒ කණ්ඩායමට අයත්. බොහෝ දෙනෙක් තමන්ගේ දායකත්වය චිත්‍රපටය වෙනුවෙන් ලබාදීමක් හැටියට මේ චිත්‍රපටයේ නොමිලේ වැඩකළා. එහෙම තමයි මේ නිර්මාණය එලියට ආවේ, ඉතින් ඒ සියලු දෙනාටම මේ සම්මාන අයිතියි” සම්මාන දිනා ගනිමින් ප්‍රසන්න ජයකොඩි පැවසුවේ එවැනි අදහසක්.

IMG_2311 [Original Resolution]    IMG_3312 [Original Resolution] IMG_3751 [Original Resolution]   IMG_3754 [Original Resolution]    IMG_3759 [Original Resolution] IMG_3761 [Original Resolution]    IMG_3766 [Original Resolution]

Share

86 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.