ශ්‍රීදේවිගේ මරණය මිනීමැරුමක්දැයි සැකයක්..

Avatar Nisanka Weheraduwa | March 1, 2018 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

ඉන්දීය සුරූපී නිළි ශ්‍රීදේවි අම්මා අයියප්පන් කපූර් පසුගිය 24 වැනිදා රාත්‍රියේ සමස්ථ සිනමාලොලින්වම පුදුමයට පත් කරමින් අවසන් ගමන් ගියා. ඩුබායි රාජ්‍යයේ emirate Tower හෝටලයේ කාමරයක් තුළදී මෙලෙස ඇය මියගොස් තිබුනා. කෙසේ නමුත් දින දෙකක් තිස්සේ සිදුකළ පරීක්ෂණවලින් පසුව එය දියේ ගිලී සිදුවුණු මරණයක් බවත් ඇගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ මට්ටමක තිබු බවත් පරීක්ෂණ වාර්තා වලින් පැවසුනා. ඊයේ එනම් පෙබරවාරි 28 වැනිදා ඇගේ දේහය පිලිබඳ අවසන් කටයුතු මුම්බායි නගරයේදී සිදු කෙරුනා.

කෙසේ නමුත් අගේ මරණය පිලිබඳ දිනෙන් දින සැක මතු වනවා. එය මිනීමැරුමක් බවට ඇතැමුන් සෘජුවම චෝදනා කරනවා. ඉන්දීය දෙස්පාඥයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සුබ්‍රමනියම් ස්වාමි මේ පිලිබඳ කිහිප වරක් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කොට තිබුනා.  ඔහු සඳහන් කළ අන්දමට මේ මරණය පිළිබඳව සාධාරණ සැක මතුවිය හැකි තැන් කිහිපයක් තිබෙනවා. අදාළ නාන බේසම කෙනෙකු ගිලිය හැකි තරම් ප්‍රමාණයක එකක් නොවන බවත් ඇගේ සිරුරේ තිබුණු බව පැවසෙන ඇල්කොහොල් සාන්ද්‍රණය කෙනෙකුට සිහිමද තත්වයට පත්වීමට තරම් අගයක් නොවන බවත් ඔහු පවසනවා. එසේම පවුලේ උදවිය නැවත ඉන්දියාවට පැමිණීම, ශ්‍රීදේවි පමණක් ඩුබායිහි රැඳී සිටීම, මෙන්ම ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් ඇය වෙනත් හෝටලයක මාරු වීමත් ගැටළු සහගත බව සඳහන් වනවා. ඇය දින තුනක් තිස්සේ කාමරයෙන් පිටතට නොපැමිණි බවත් ඇයට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු බවත් ඒ සමහරක් තර්ජනාන්විත ඒවා බවත් දැන් හෙළිවෙමින් යනවා. කෙසේ නමුත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ඉන්දියානුවන් දැඩිව ඉල්ලා සිටිනවා.

Share

78 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.