ශාරුක්ගේ උපන් දිනයට මහා ජන ගංගාවක් රැස්වෙයි

Avatar Nisanka Weheraduwa | November 5, 2018 89 Views 0 Likes 0 Ratings

89 Views 0 Ratings Rate it

බොලිවුඩ් පුරවරය කියන්නේ නළු නිළියන්ට ඇති විශාල ආදරයක් ගෞරවයක් හිමිවන තැනක්. හරියටම කිවුවොත් බොලිවුඩය කියන්නේ තරු පුරවරයක්. ඒ ඉන්නේ සැබෑ තරු. ජනතාව ආදරය කරන තරු. ශාරුක් ඛාන් කියන්නේ මේ තරු අතර දීප්තිමත්ම තරුව කිවුවොත් හරි. ඔහුගේ උපන් දිනය දී තිබුනේ නොවැම්බර් 02 වැනිදාට.

මේ උපන්දිනය වෙනුවෙන් පැය 24කට අධික කාලයක් පුරා ඔහුගේ රසික ජනතාව ඔහුගේ නිවාස වටා රැස්ව සිටි බව සඳහන් වනවා. ඒ ශාරුක් උපන්දිනය වෙනුවෙන් තමන්ගේ රසිකයින්ට ආචාර කරන පිටතට පැමිණෙන තෙක්. අවසානයේ ඔහුගේ නිවාස ඉදිරිපස විශේෂයෙන් තැනු වේදිකාවකට ගොඩවුණු ශාරුක් තමන්ගේ රසික ජනතාවට ආචාර කළා. රැස්ව සිටි ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් ඔහුට සුභ පැතු බව වාර්තා වනවා.

ශාරුක්ගේ උපන්දිනයට ජනතාව සුබ පැතූ අයුරු සඳහන් වීඩියෝවක් අන්තර්ජාලයේ ප්‍රචාරය වී තිබුනා.

Share

89 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.