සල්මාන් ඛාන් ඇප ඉල්ලයි

Avatar Nisanka Weheraduwa | April 6, 2018 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

වසර 5ක සිර දඬුවම් ලබා සිටින සල්මාන් ඛාන් හට ඇප ලබා ගැනීම සඳහා අද(06) ඔහුගේ නීතිඥයින් මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කොට තිබෙනවා.  1998 වසරේදී දුර්ලභ ගනයේ මුවන් දෙදෙනෙකු දඩයම් කිරීමේ චෝදනාවට ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් ජෝද්පූර් අධිකරණය විසින් වරදකරු බවට පත්කිරීමත් සමඟ ඔහුට වසර 5 ක සිර දඬුවම් නියම කෙරුනා. චිත්‍රපටයක් රූගත කරන අතරවාරයේදී  සල්මාන් ඛාන් සහ එම චිත්‍රපටයට රංගනයෙන් දායක වූ නළු නිලියන් පිරිසක් වනාන්තරක දඩයමේ ගොස් සිටියදී මෙම  මුවන් දෙදෙනා ඝාතනය කර තිබෙන බව සඳහන්. සයිෆ් අලිඛාන්, තාබු ,නීලම් ඇතුළු අනෙක් රංගන ශිල්පීන් මෙම නඩුවෙන් නිදහස් කර ඇති අතර සල්මාන් ඛාන් ට එරෙහිව ඉන්දීය රුපියල් 10,000 ක දඩ මුදලක්ද පනවා තිබුනා. කෙසේ නමුත් සල්මාන් ඛාන් වරදකරු වීමෙන් පසුව ඔහුව ජෝද්පූර් බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර එම බන්ධනාගාරයේ ඔහු මීට පෙරද සිර දඬුවම් විඳ තිබීම විශේෂත්වයක්. කෙසේ නමුත් මෙම නඩු තීන්දුව අභියෝගයකට ලක්කරමින් සල්මාන් ඛාන් හට මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පැවතීම හේතුවෙන් ඔහුගේ නීතිඥයින් අද එරට මහාධිකරණයක ඇප ඉල්ලුම්පතක්ද ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
Share

44 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.