සිනමාවිල කැළඹූ ගාන්ධර්ව සංගීතය රසවිඳින්න
ශ්‍රී ලාංකීය සිනමාවට රසාලිප්ත සිනමා ගීතාවලියක් වගේම මියුරු සිනමා සංගීත සම්ප්‍රදායක් තිළිණ කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස අනුස්මරණ සිනමා උළෙලක් හෙට (ඔක්තොබර් 20 වැනිදා) ආරම්භ කෙරෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව, සංස්කෘතික අමාත්‍යංශය සහ කේමදාස පදනම එක්ව මේ සිනමා උළෙල සංවිධාන කෙරෙනවා. ඔක්තූබර් 20 වැනිදා සිට 24 වැනිදා දක්වා සිනමාපට 07ක් මේ සිනමා උළෙලේදී තිරගත කෙරෙනවා.
නිධානය (1972)
සිනමාවේ ස්වර්නමය යුගය යැයි හඳුන්වන 70, දශකයේ බිහිවුනු සම්මානනීය ඒ වගේම කතාබහට ලක්වුනු සිඅනමාපටයක්. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අධ්‍යක්ෂණ කළ නිධානය සිනමාපටයට පසුබිම් වුනේ ජී. බී. සේනානායකගේ “නිධානය” කෙටි කතාව. ආචාර්ය තිස්ස අබේසේකර මේ සිනමාපටයේ තිර රචනය සිදුකළා. ආර්. ඇන්තනිපිල්ලේ නිෂ්පාදනය කළ සිනමාපටයට ආචාර්ය කේමදාසයන් සංගීත නිර්මානයෙන් දායක වුනා.
1972 වසරේ වැනීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී silver Lion of St.Mark සම්මානය හිමිකර ගැනීමට “නිධානය” සමත් වුනා. ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, විජේරත්න වරකාගොඩ, ශාන්ති ලේඛා, ට්‍රිලීෂියා ගුණවර්ධන, ෆ්‍රැන්සිස් පෙරේරා ඇතුලු නළු නිළියන් මේ සිනමාපටයට රංගනයෙන් දායක වුනා. ආචාර්ය කේමදාසයන්ගේ මියුරු සංගීතයෙන් රසාලිප්ත වුනු මේ සිනමාපටයත් Master in Silver Screen සිනමා උළෙලේදී නරඹන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනවා.
Written by Nisanka Weheraduwa
