සුබ මොහොතින් “ජහුටා” වැඩ අරඹයි
ජහුටා කියන්නෙ බොහෝ දෙනෙකුට එතරම් අසා හුරුපුරුදු වචනයක් නොවෙන්න පුළුවන්. නමුත් මේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැඳුනු ගැමි නාට්‍ය සම්ප්‍රදායක්. ජහුටා නාට්‍ය සම්ප්‍රදාය එක්ක ගණුදෙනු කරන, කලාවට ආදරය කරන කරෝලිස් සහ සොමලතාගේ පවුල ගැන අපූරු හෙළිදරවුවක් ගෙනෙන චිත්‍රපටයක වැඩකටයුතු සුබ මොහොතින් ආරම්භ වුනා.
විශ්වා බාලසූරිය සිනමා ක්ෂේත්‍රයේ මෙතෙක් හඳුනාගන්න ලැබුනේ කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට. ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ “සංසාරේ දඩයක්කාරයා” චිත්‍රපටයේ ඔහුගේ කැමරා අධ්‍යක්ෂණය ගැන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කතා වුනා. මේ දවස්වල තිරගත වන සුනාමි චිත්‍රපටය වෙනුවෙන් ඔහුගේ දායකත්වය ඉහළ මට්ටමක පැවති බව ප්‍රතිචාර සමග පැහැදිලි වනවා. කැමරා අධ්‍යක්ෂණකවරයා, සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහට “ජහුටා” චිත්‍රපටය සමගින් හඳුනාගන්න ලැබෙනවා.
කරෝලිස්ගේ කලාකාමී ජීවිතය, කරෝලිස් – සෝමලතා ආදර කතාව, ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය මේ සියල්ල හසුකර ගනිමින් ජහුටා චිත්‍රපටයට තිර පිටපත ලියවෙන්නේ හරිත් වාසල අතින්. මේ අලුත්ම සිනමා නිර්මාණයට තිර රචකයා විදිහට ඔහු දායක වනවා.
චිත්‍රපටයේ වැඩකටයුතු සුබ මොහොතින් පසුගියදා ආරම්භ වුනා. මේ ඒ සුබ මොහොතේ මතක සටහන් කිහිපයක්. “ජහුටා” චිත්‍රපටය හැදෙන්නෙ කොහොමද කියලත් අපි ඉදිරියේදී පෙන්වන්න සූදානම්.
Written by Nisanka Weheraduwa