සුශාන්ත් කියන්නෙ නළුවෙක් විතරක්ම නොවෙයි

Avatar Nisanka Weheraduwa | September 14, 2020 219 Views 0 Likes 5 On 2 Ratings

219 Views 5 On 2 Ratings Rate it

සටහන : දිලිනි මදුසංකා

Sushant Singh Rajput  ජීවිතයෙන් සමුගෙන අදට මාස 03ක් සපිරෙනවා.
නැවත නැවත සිහිපත් කිරීමට තරම් ඔහු විශේෂ කෙනෙක් වෙන්නෙ ඇයි?
ලෝකය පුරා කෝටි ගණනක රසිකයින්ගේ ආදරය දිනූ බොලිවුඩ් තරුවක් නිසාද?
කොහෙත්ම නැහැ……. ඔහු දක්ෂතා ගොන්නක කදිම එකතුවක් නිසා.
🌟 ඔහු 2003 දී දිල්ලි ඉංජිනේරු විද්යාල ප්රවේශ විභාගයේදී සමස්ත ඉන්දීය ශ්රේණිගත කිරීම් වලින් 07 වෙනි ස්ථානය ලබා ගෙන තිබෙනවා. ඉන්පසු ඔහු දිල්ලි ඉංජිනේරු විද්යාලයෙන් යාන්ත්රික ඉංජිනේරු විද්යාව හැදෑරූවා.
🌟ඔහු භෞතික විද්යාව පිළිබඳවද ජාතික ඔලිම්පියාඩ් ජයග්රාහකයෙක්.
🌟 තාරකා විද්යාව ගැන හසල දැනුමක් තිබූ අයෙක්.
🌟නළුවෙකු වීමට අමතරව සුෂාන්ත් සිං රාජ්පුත් අති දක්ෂ නර්තන ශිල්පියෙක්. ගිටාර් වාදනයටත් ඔහු තුළ හැකියාවක් තිබුණා.
🌟පොත් කියවීමට ඇබ්බැහි වූ අයෙකු වූ ඔහු නිතර සිය මිතුරන් වෙතද වටිනා පොත් තෑගි ලෙස ලබාදී තිබෙනවා.
🌟ඔහු ක්රිකට් ඇතුළු විවිධ ක්රීඩාවන් කෙරෙහි විශේෂ කුසලතා තිබූ අයෙක්.
🌟ඕනෑම මාතෘකාවක් යටතේ කතා කිරීමේදී ඒ පිළිබද ඉතා හොද දැනුමක් ඔහුට තිබුණු බව ඇසුරු කළ අය පවසනවා.
🌟සුෂාන්ත්ට දකුණු හා වම් අත් දෙකින්ම ලිවීමේ හැකියාව තිබුණා.
එමෙන්ම අත් දෙකම එකවර භාවිත කරමින් යම් භාෂාවක් ස්වාභාවික ක්රමයටත් එහි ප්රතිලෝම දිශාවටත් එකවර ලිවීමේ (Mirror Writing) හැකියාවත් ඔහුට තිබුණා. මිනිසුන් අතර ඉතා දුර්ලභ හා වර්ධනය කිරීමට ඉතා අසීරු කුසලතාවයක් වන එය ඇත්තේ ලෝක ජනගහනයෙන් 01% ක ප්රමාණයකට පමණයි.
මේ ඔහු සතුව තිබුණ දක්ෂතාවයන්ගෙන් ඉතාම සුලු ප්රමාණයක් පමණයි.හැබැයි මේ තරම් හැකියාවන්ගෙන් පිරුණු “Intelligent” ගණයට වැටෙන කෙනෙක් වෙලත් මිනිසුන් හදුනා ගැනීම අතින් නම් සුෂාන්ත් ඉන්න ඇත්තේ හරිම දුර්වල තැනක..
ඔහු වටේ සිටි සැබෑ ආදරණීයයන් හදුනා ගන්නට ඔහු අපොහොසත් වෙන්න ඇත්තේ ඒකයි.
නීතියේ හැම හිඩැසකින්ම රිංගා ගියත් සුෂාන්ත්ගේ මරණයට වග කිව යුතු සෑම දෙනාටම ස්වභාවධර්මයෙන් නිසි දඩුවම් ලැබේවි.
සටහන : දිලිනි මදුසංකා
Share

219 Views 5 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.