හෙට දවසේ සිනමාවට දෙරණ අත්වැල

Avatar Nisanka Weheraduwa | September 29, 2017 85 Views 0 Likes 0 Ratings

85 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සිනමාවේ ඉදිරි ගමන සඳහා වන දෙරණ මාධ්‍ය ජාලයේ අති දැවැන්ත මැදිහත්වීම දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල එළඹෙන ඔක්තෝබර් මස 06 වැනිදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බව සිනමාලෝලි ඔබ මේ වනවිට හොඳින්ම දන්නා කරුණක්. සිනමා සම්මාන උළෙලකට පමණක් සීමා නොවී, මෙවරත් සිනමා සැණකෙළියක් ලෙස මෙම උළෙල සංවිධාන කිරීමට සංවිධායකයින් කටයුතු කොට තිබෙනවා. හෙට දවසේ සිනමාව නැතහොත් Derana Cinema of Tomorrow 2017 සිනමා උළෙල ඒ යටතේ සංවිධාන කෙරෙන තවත් විශේෂිත අංගයක්.

සිනමාවට පිවිසෙන නවක අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ කිහිපයක් තෝරාගෙන ඒවා පොදු මහජන ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීමත්, එම නිර්මාණකරුවන් ඇගයීමත් මේ විශේෂාංගය යටතේ සිදු කෙරෙනවා. මෙවරත් “දෙරණ හෙට දවසේ සිනමාව” සිනමා උළෙලේදී නවතම චිත්‍රපට පහක් ප්‍රදර්ශනය කිරීමට සූදානම්. ඔක්තෝබර් 01 සහ 02 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙනවා. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල සඳහා සහභාගී වන ලෙස දෙරණ මාධ්‍ය ජාලය සිනමා රසිකයින්ට ආරාධනා කර සිටිනවා.

22046807_942488002556140_7692894156636437855_n

ඔක්තෝබර් 01 වැනිදා සවස 2.00ට සුරංග කටුගම්පොල අධ්‍යක්ෂණය කළ “පුතෙකුට” (For a Son) චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් සිනමා උළෙල ආරම්භ වෙනවා. එදිනම සවස 4.30ට දුමින්ද සංජිව අධ්‍යක්ෂණය කළ දිසිඳි පත් (Withered Leaf) සිනමාපටයත් සවස 7.00 ට මාලක දේවප්‍රිය සිනමා නිර්මාණ “බහුචිතවාදියා” (The Undecided) සිනමාපටයත් ප්‍රදර්ශනය කෙරෙනවා. ඔක්තෝබර් 02 වැනිදා සවස 4.00ට දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ “බවතරණ” චිත්‍රපටයත් එදිනම සවස 7.00ට ජූඩ් රත්නම් සිනමා නිර්මාණ “රද කාන්ඩම්” (Demons in paradise) සිනමාපටයත් ප්‍රදර්ශනය කෙරෙනවා. සෑම සිනමාපටයක් අවසානයේම අධ්‍යක්ෂකවරයා සහ එම සිනමා පටයේ පාත්‍ර වර්ගයා හමුවීමටත් ඔවුන් සමග සිනමා සංවාදයක් ගොඩනගා ගැනීමටත් ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වනවා.  Cinema of Tomorrow 2017, සිනමා උළෙල නරඹා නව සිනමා අත්දැකීමක් ලබාගන්නා ලෙස සිනමා රසිකයින් වෙත, දෙරණ ආරාධනා කර සිටිනවා.

Share

85 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.