බොලිවුඩ් නළු Amir Khan දෙවැනි වරටත් දික්කසාද වෙයි…?

Avatar Nisanka Weheraduwa | July 7, 2021 455 Views 0 Likes 0 Ratings

455 Views 0 Ratings Rate it

Aamir Khan බොලිවුඩයේ ජනප්‍රියතම තාරකාවක් වගේම ඉන්දියානු සිනමාවේ පුරාවෘතයක් විදිහට හැඳින්වූවත් වරදක් නැහැ. සිනමා ජීවිතය තුළ තමන්ගේ ගමන සාර්ථකව පවත්වා ගත්තද ඔහුගේ විවාහ ජීවිතය නැවතත් බිඳ වැටී ඇති බවට බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. වසර ගණනාවක් පැවති ඔහුගේ දෙවන විවාහයත් නිමා වූ බව ඔහු, පසුගිය ජූලි 03වනදා නිල වශයෙන්ම රසිකයින්ට සහ මාධ්‍යයට දැනුම් දුන්නා.

Aamir Khan මුලින්ම විවාහය සිදු වුණේ Reena Dutta සමඟින්. ඇය සමඟ පැවති විවාහය නිමා කරමින් 2002 වසරේදී දික්කසාද වන Aamir Khan, පසුව Kiran Rao සමඟ සම්බන්ධයක් පටන් ගන්නවා. ඔවුන් දෙදෙනා මුල්වරට මුණ ගැසී තිබෙන්නේ 2001 වසරේදී Lagaan චිත්‍රපටයේ දර්ශන තලයේදීයි. Kiran Rao කියන්නේත් Lagaan චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළ අයෙක්.

බොහෝ දෙනා සිතා සිටින්නේ ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය ඇරඹූයේ Lagaan සිනමාපටයේ රූපගත කිරීම් අතරතුරේ බවයි. නමුත්, කාලයකට පෙර චීන පුවත් මාධ්‍ය ආයතනයක් විසින් Aamir Khan හා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසූයේ Lagaan සිනමාපටයේ රූගත කිරීම් අතරේදී එවැනි සම්බන්ධයක් නොතිබූ බවයි. Kiran Raoගේ හමුවීම ගැන ඔහු පැවසූයේ මෙවැනි අදහසක්…

“මට මුලින්ම කිරන්ව මුණ ගැහෙන්නේ Lagaan චිත්‍රපටය කරන කාලේ, 2001 අවුරුද්දෙදි. එයත් චිත්‍රපටියේ සහය අධ්‍යක්ෂිකාවක් විදිහට වැඩ කළා. හැබැයි චිත්‍රපටිය කරන කාලේ වෙද්දි අපි දෙන්නගේ එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. අඩු ගානේ අපි දෙන්නා එහෙම ළඟ යාලුවොවත් නෙමෙයි ඒ දවස් වෙද්දි. එයත් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක්. එච්චරයි. අපි දෙන්නගේ සම්බන්ධය පටන් ගත්තේ මගේ දික්කසාදයෙන් ටික කාලයකට පස්සෙයි. ඒ කාලෙදි තමයි අපි මුණ ගැහෙන්න පටන් ගත්තෙත් ”

ඉන් අනතුරුව 2005 දෙසැම්බර් 28වනදා ඔවුන් දෙදෙනා විවාහ වනවා. එයත් පවුලේ හිතමිතුරන්ට සීමා වුණු කුඩා විවාහයක්. ඔවුන් දෙදෙනාගේ එම බැඳීම මේ වෙනකන්ම එකදිගට පවත්වාගෙන ආවත් පසුගිය ජූලි 03වනදා එක්වරම ඒ සියල්ලම බිඳ වැටෙනවා. වසර පහළොවක විවාහ ජීවිතය නිමා කරමින් ඔවුන් දෙදෙනා නිකුත් කළ joint statement එක තමයි මේ.

“ In these 15 beautiful years together we have shared a lifetime of experiences, joy, and laughter, and our relationship has only grown in trust, respect, and love. Now we would like to begin a new chapter in our lives – no longer as husband and wife, but as co-parents and family for each other. We began a planned separation some time ago, and now feel comfortable to formalize this arrangement, of living separately yet sharing our lives the way an extended family does. We remain devoted parents to our son Azad, who we will nurture and raise together. We will also continue to work as collaborators on films, Paani Foundation, and other projects that we feel passionate about. A big thank you to our families and friends for their constant support and understanding about this evolution in our relationship, and without whom we would not have been so secure in taking this leap. We request our well-wishers for good wishes and blessings and hope that – like us – you will see this divorce not as an end, but as the start of a new journey.

Thanks and love,
Kiran and Aamir “

Kiran Rao විසින් Lagaanට අමතරව SRKගේ Swades සිනමාපටයේ සහය අධ්‍යක්ෂිකාවක ලෙසත් කටයුතු කළා. Aamir විසින් ප්‍රධාන චරිතය ඉදිරිපත් කළ Dhobi Ghat සිනමාපටයේ අධ්‍යක්ෂිකාව වන්නේත් ඇයයි. Dangal (2016) , Secret Superstar (2017) වැනි සිනමාපටවල නිෂ්පාදිකාව වශයෙනුත් ඇගේ නම ලියැවෙනවා. ඉන්දියාවේ ජල ප්‍රශ්නයට විසඳුම් සොයමින් ඇය පිහිටවූ Paani Foundation නම් ලාබ-නොලබන ස්වේච්ඡා සංවිධානය බොහෝ සම්මානවලින් පිදුම් ලැබුවා.

Share

455 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.