මටත් මගේ නොවන ආදරයක් තියෙනවා! – සූර්යා

Avatar Cinema.lk A | November 5, 2013 60 Views 0 Likes 0 Ratings

60 Views 0 Ratings Rate it

• පොළොන්නරුවේ ඉඳලා කොළඹට ආවේ නළුවෙක් වෙන්නද?

මම කොළඹට ආවේ නළුවෙක් වෙන්න නොවේ අහම්බෙන් නළුවෙක් වුණා.

• එතකොට ඔබ කොළඹට එන්නේ?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න. මේක අහම්බයක්. මං හිතන්නේ මගේ පෙර පිනකට තමයි මේ තරම් ඉක්මනට මම නළුවෙක් වුණේ. නැත්නම් කවමදාවත් මෙහෙම නොවෙන්න තිබුණා.

• සමනල සංධ්වනියට ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

දර්ශන රුවන් සර් තමයි මාව ජයන්ත සර්ට හඳුන්වලා නළුවෙක් වෙන්න උදවු කළේ. දර්ශන සර්ත් පොළොන්නරුවේ කෙනෙක්. එයා මාව මේ චරිතයට හොඳයි කියලා ගොඩක් විශ්වාස කළා. ඒක නිසා තමයි මම මේ චරිතයට තෝර ගන්න ඇත්තේ.

• ඇත්තටම ආදරය ගැන සමනල සංධ්වනියෙන් පස්සේ දැනෙන විදිය කොහොමද?

මං හිතන්නේ ආදරය හැමෝටම පොදු දෙයක්. ඉතිං මටත් මගේම නොවන ආදරයක් තිබිලා තියෙනවා. නොලැබුණු ආදරත් තිබිලා තියෙනවා. ඒක පොදු ධර්මතාවක් සහ පොදු වේදනාවක් වෙන්න ඇති.

ෙ• ප්‍රථම ප්‍රේමය ගැන කිව්වොත්!

පාසල් යන කාලය එහෙම එකක් තිබුණා. ඒත් දැන් එයා විවාහ වෙලා ඉන්නේ.

• සූර්යා මේ දිනවල මොකද කරන්නේ?

අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙනවා. නොවැම්බර්වල ඡ්යචථ තියෙනවානේ. ඊට අමතරව සමනල සංධ්වනිය ප්‍රචාරණ වැඩසටහන්වලට සහභාගි වෙනවා.

• අලුත් නාට්‍ය චිත්‍රපටවලට සහභාගි වෙනවාද?

ඔව්…. දැනටමත් ටෙලිනාට්‍යවලට විෂුවල්වලට ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. ලැබෙන කාලය අනුව ඒවාට සහභාගි වෙනවා.

• නළුවෙක් විදියට ඔබ සාර්ථකද?

මට ඒකට තනි උත්තරයක් දෙන්න බෑ. මොකද මම දැන් සිනමාව පිළිබඳ අධ්‍යයනය කරනවා. පොත් කියවනවා. මගේ සංගීත උපාධිය අවසන් කරලා පසුව ච්පචථචවලින් උපාධිය හදාරලා සම්පූර්ණ සුදුසුකම් සහිත අත්දැකීම්වලින් පරිපූර්ණ නළුවෙක් වගේම ඔපෙරා ගායකයෙක් වෙනවා. ඒ තමයි මගේ අනාගත සිහිනය.

• වේදිකාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැද්ද?

ඔව්… මම අනිවාර්යෙන්ම වේදිකාවට සම්බන්ධ වෙනවා. මොකද අද ප්‍රතිභාපූර්ණ නළුවො බහුතරයක් බිහිවෙලා ඉන්නේ වේදිකාවෙන්. මම විශ්වාස කරනවා නළුවෙක් සජීවී වෙන්නේ වේදිකාවෙන් කියලා.

• ඔයා ලස්සනට සින්දු කියන්න ඉගෙන ගත්තේ කොහොමද?

මම පාසල් යන කාලේ මගේ සංගීත මුල් ගුරුවරයා වුණේ සුනිල් ආරියරත්න ගුරු මහත්තයා. සර්ව මම හැමදාමත් මතක් කරනවා. මම සංගීතය පිළිබඳ ‘අ’ යන්න ඉගෙන ගත්තේ එතුමාගෙන්.

• පෞද්ගලිකව පුළුවන්ද ඔයාට ආදරයක් වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරන්න?

නෑ මම එහෙම කැපකිරීමක් කරන්නේ නෑ… මට මගේම නොවන ආදරයක් වෙනුවෙන් මම බලන් ඉන්නේ නෑ.

• වගීෂගෙන් පස්සේ සූර්යාට මොකද හිතෙන්නේ?

ඉතිං දැන් මම පැකේජ් එකක් වෙලා. මොකද ගායනය වාදනය රංගනය කියන තුනම මගෙන් අරගන්න පුළුවන්.

• අවසාන වශයෙන් සූර්යාට මොකද කියන්න තියෙන්නේ?

මට මේ ගමන එන්න උදවු කරපු මගේ අම්මට තාත්තාට සහෝදරයන්ට මාගේ ආදරණීය මිතුරන්ට ගුරුවරුන්ට ගොඩක් පින්. ගොඩක් ස්තුතියි.

• සූර්යා …. සූර්යාලෝක පුන්සිරි දයාරුවන් කියන්නේ කාටද?

එහෙම නමක් මම දන්නේ නෑ… (සූර්යා සිනාසෙයි…..)

 

මව්බිම

Share

60 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.