Captain Marica සහ Black Widow රඟන අලුත්ම චිත්‍රපටය Apple TV+ හරහා

Avatar Nisanka Weheraduwa | September 13, 2021 86 Views 0 Likes 0 Ratings

86 Views 0 Ratings Rate it

මේ කියන්න යන්නේ Marvel රසිකයින්ට සුබ ආරංචියක්. Avengers චිත්‍රපටි මාලාවට රංගනයෙන් දායක වුණු ප්‍රධානම ශිල්පීන් දෙදෙනෙකු එක් වන අලුත්ම චිත්‍රපටයක් ගැන Hollywood Reporter වෙබ් අඩවිය වාර්තා කරනවා. කැප්ටන් ඇමරිකා චරිතය නිරූපණය කළ Chris Evans සහ බ්ලැක් විඩෝව් චරිතය නිරූපණය කළ Scarlett Johansson දෙදෙනා ගැනයි මේ ආරංචිය. හැබැයි මේ නිර්මාණය නම් Marvel විශ්වයට අයත් චිත්‍රපටයක් නෙමෙයි.

Chris සහ Scarlett දෙදෙනාව වැඩිපුරම රසිකයින් වෙතට සමීප වූයේ Avengers තුළිනුයි. ලෝක සිනමාවේ බිහි වුණු දැවැන්තම movie franchise එකක් වන මේ Avengers චිත්‍රපට මාලාව ඇමරිකන් ඩොලර් බිලියන් ගණනින් ආදායම් ඉපැයූ අතිශය සාර්ථක නිර්මාණ පෙළගැස්මක්. මේ මොහොත වනවිටත් ලෝකයේ වැඩිම ආදායම් ලැබූ සිනමාපට අතුරින් දෙවන ස්ථානයේ පසුවන්නේ Avengers: End Game චිත්‍රපටය වීමත් විශේෂත්වයක්.
Chris Evans සහ Scarlett Johansson ගිවිසුම් ගත වූ මෙම නව නිර්මාණය Action-Romantic කාණ්ඩයට අයත් බවයි සඳහන් වෙන්නේ. එහෙම නම් Chris සහ Scarlettගෙ රොමෑන්ටික් සීන්ස් වගේම හොඳ thrilling vibe එකකුත් චිත්‍රපටය පුරාම නැරඹිය හැකි වේයැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වනවා.

හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙය නම් කරලා තිබෙන්නේ Ghosted කියන නමින්. අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන්නේ Dexter Fletcher. Dexter මීට පෙර අධ්‍යක්ෂණය කළ Eddie: The Eagle, Rocketman සහ Bohemian Rhapasody වැනි නිර්මාණ සම්මාන පිට සම්මාන දිනාගත්තා වගේම ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නත් සමත් වුනා. Ghosted තිර පිටපත ලියා තිබෙන්නේ Rhett Reese සහ Paul Wernick හවුලේයි. Deadpool, Zombieland වැනි චිත්‍රපටවල තිර පිටපත් රචකයන් ලෙස කටයුතු කළෙත් ඔවුන්මයි. Chris Evans මෙහි නිෂ්පාදකවරයෙකු වශයෙනුත් එක් වන බව හොලිවුඩ් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා. කතා තේමාව 1970-1980 කාල සීමාවට අයත් වනු ඇති බවට ඉඟි පළවී තිබෙනවා.

Chris රංගනයෙන් දායක වූ Netflix Original සිනමාපටයක් වන The Gray Man හි රූගත කිරීම් මේ වනවිට අවසන් වී ඇති අතර දකුණු ඉන්දීය නළු Dhanush පවා එහි රංගනයෙන් දායක වනවා. මීට අමතරව Wes Andersonගේ නිර්මාණයක ප්‍රධාන චරිතයටත් Scarlett ගිවිසුම් වී තිබෙනවා. මෙම වසර අග භාගයේදී මෙහි වැඩ කටයුතු අරඹන්න සූදානම් බව ඇතමුන් ප්‍රකාශ කළත්, තවමත් ඒ බව නිල වශයෙන් සනාථ වී නැහැ.

Share

86 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.