Gentlemen Love චිත්‍රපටය ඉතා හොදින් කිසිදු සිත් රිදීමකින් තොරව මට සිදු කරන්න පුලුවන් උනා

Avatar Mashiee Kothalawala | December 24, 2024 72 Views 0 Likes 0 Ratings

72 Views 0 Ratings Rate it

රුවන් පෙරේරා, මෙරට කලාව තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙකි.  දක්ෂකම අභිභවා ගිය ජනප්‍රියත්වයක්ද හිමි ඔහු කිහිප වතාවක්ම ඒ බව සම්මාන හරහාම ඔප්පු කොට ඇත. පාසල් වේදිකාවෙන් ආරම්භ වූ ඔහුගේ ගමන මේ වන විට සිනමාව තෙක් විහිදී තිබේ. මේ දිනවල තිරගත වන Gentment love චිත්‍රපටය හේතුවෙන් කා අතරත් ජනප්‍රිය කතාබහට ලක් වී තිබේ. මේවර Cinema.lk තරු කතා බහ ඔහු සමගයි.

කොහොමද රුවන් මේ දවස් වල වැඩ කටයුතු?

මේ දවස්වල ස්වර්ණවාහිනී නාලිකාවේ ම‌ගේ අලුත් ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. ඊට අමතරව මගේ ඇක්ටින් ක්ලාස් එකේ වැඩකටයුතු කරගෙන යනවා. පහුගිය දවස්ටිකේ ටිකක් කාර්යය බහුල වෙලා හිටියා. අපි ලොකු වැඩ වගයක් කරා ඇඹිලිපිටිය පැත්තේ. ඒකේ ඉතුරු වැඩ ටික සැලසුම් කරගෙන යනවා.

Gentment love ෆිල්ම් එක ගැන ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කලොත්?

ඒක ගැන මට හරිම සතුටුයි සහ ප්‍රේක්ශකයො කියනවා මං ඉතාමත් හොදින් එහි රංගනය සිදු කරල තියනවා කියලා. එයින් ලැබෙන ප්‍රතිචාර ඉතාම හොදයි.

පුංචි තිරයේ රංගන ශිල්පියෙක් විදියට රිදී තිරයට සම්බන්ද විමෙන් ඔබ ලබපු අත්දැකීම් මොනවගේද?

රිදී තිරයෙන් මං වෙනස්ම අත්දැකීමක් ලැබුවා සහ Gentlemen Love චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟ දක්වනවා සහ ඒ චිත්‍රපටය ඉතා හොදින් කිසිදු සිත් රිදීමකින් තොරව මට සිදු කරන්න පුලුවන් උනා වගේම පීඩනයකින් තොරව රිදි තිරයෙ රඟ දක්වන්න මට ඉතා පහසු උනා.

ඔබ රංගනයෙන් දායක උනු අනෙත් film ගැන විස්තර කිව්වොත්?

ටියුශන් සර් සහ එකගෙයි සොකරි වගේම තවත් චිත්‍රපටයකට දායක උනා. මම හිතනවා පළමුවෙන්ම ටියුශන් සර් කියන චිත්‍රපටය ඉතා ඉක්මනින් ප්‍රේක්ශයන්ට නරඹන්න හැකිවෙයි කියලා. ලබන අවුරුද්ද ඇතුලත මේ චිත්‍රපට කිහිපයම ප්‍රේක්ශකයන්ට දකින්න ලැබෙයි කියලා මං හිතනවා.

ඒ වගේම ඔබගේ ඉදිරි වැඩකයුතු පිළිබදව කතා කලොත්?

ඒ ගැන කතා කලොත් ඉදිරියේදි චිත්‍රපටයක් අද්‍යක්ශනය කිරීමට මට ආරාධනා ලැබිලා තියනවා සහ මගේ Acting class වල වැඩ වලට මූලිකත්වය දීලා තියනවා.

අවසාන වශයෙන්,ඔබ සිදු කරන්න සූදානම් වෙනවා කිව්ව විශේශ Acting workshop එක ගැන විස්තර කිව්වොත්?

ඔව්.‍ රඟපාන්න අවස්ථාව ලබාදෙන්න අපි Class කරනවා සහ ඇඹිලිපිටියෙ අපි ලොකු workshop එකක් කරන්න සූදානමින් ඉන්නවා. ජනවාරි මාසෙ 11 වැනිදා එය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනවා. එයට ඕනෑම කෙනෙක් ට සහභාගි වෙලා රංගනය පිලිබද දැනුම සහ අත්දැකීම් ලබාගන්න පුලුවන්. මම ආරාධනා කරනවා රංගනය පිළිබද කැමැත්ත දක්වන ඇඹිලිපිටිය සහ ඒ අවට සියලු දෙනාටම අපත් සමග ජනවාරි 11වනදා සම්බන්ධ වෙන්න කියලා.

May be an image of 2 people and people smiling

May be an image of 1 person, beard, smiling and wrist watch

Share

72 Views 0 Ratings Rate it

Written by Mashiee Kothalawala


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.