ජය හෝ චිත්‍රපට පෝස්ටරය ඇඳලා තියෙන්නේ සල්මාන්මයි
ජය හෝ..මේ වසර තුළ තිරගත වීමට නියමිත චිත්‍රපට අතුරින්,කාන් රජකට්ටුවේ බැබළෙන සල්මාන් කාන්ගේ 2014 වසර සරසන පළමු සිනමා පටයයි.කාලේකට ඉහත හින්දි සිනමාවේ උන් උසම ඒ වගේම රූමත්ම නිළිය තාබු කාලෙකට පස්සේ රඟපාන මේ සිනමා සිත්තම මේ වසරේ ජනවාරි 24 දින තිරගත කිරීම් ආරම්භ කරනු ඇත.මේ සිනමා පටයේ සම නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණයද සිදුකරනු ලබන්නේ සල්මාන්ගේ සහෝදරයා වන සොහිල් කාන් විසිනුයි.අපි මේ සිනමා පටය ගැන මේ විදියට අද කතා කරන්නේ පොඩි හේතුවක් නිසා.ඔයාලා දන්නේ නැති පුංචි කාරණාවක් තියෙනවා මේ චිත්‍රපටය හා සැබැඳි..සල්මාන්ව අපි හැමෝම අඳුරන්නේ දක්ෂ නළුවෙක් විදියට නේ.ඒ කුඩා කළ පටන් නළු කමට වඩා සාලු දක්ෂ එක් තවත් දෙයක් තිබිලා තියෙනවා.ඒ තමයි චිත්‍රකාලාව.නිදහස් ආර චිත්‍ර,ඇබ්ස්ට්‍රැක්ස්,මිනිස් රූප සිතුවමට සාලු දක්වන්නේ පුදුමාකාර ආශාවක්.ඒ වගේම ඇඟපුරාම තීන්ත තවරාගෙන සමහර වෙලාවට පින්සලක්ද නොමැතිව තමන්ගේ ඇඟිලිවල ආධාරයෙන් සිතුවම් ඇදීමට සාලු දින ගණන් වැය කරනවා.මේ බොහෝ චිත්‍ර නිර්මාණ ඇත්තට ලස්සනයි.ඒක නෙවෙයි කාරණේ…සාලුගේ අලුත්ම සිනමා පටය,ඒ කියන්නේ අපි මුලදී කතා කළ ජය හෝ සිනමා පටයේ චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ සාලුමයි.
පුදුමයි නේ…පුදුම වෙන්න දෙයක් නෑ.කොටින්ම කියනවානම් ඔය පහලින් තියෙන සාලුගේම චිත්‍රය ඇඳලා තියෙන්නේ ඔහුමයි.
ජය හෝ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයයි මේ
මේ තියෙන්නේ සාලු ඇන්ද චිත්‍ර කිහිපයක්
Written by Cinema.lk A













