මහරජ ගැමුණු රජ දැක්මේ
ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස තරමේ ඉන්දියාවේ දක්‍ෂිණාපථ රාජ්‍යයන් යටත් කළ, කාලිංගයේ ඛාරවේල රජු යටතේ, සෙබළෙකු සහ චරපුරුෂයකු වශයෙන් කටයුතු කළ අතිශය විජිගීෂාත්මක තරුණයකු වූ එළාර, පසු කලෙක පාරසමුද්‍රික නැවිපතියකු වශයෙන් කටයුතු කරන මුත් ඔහු ලංකාද්වීපයට පා තබන්නේ අනාරක්‍ෂිත සෞභාග්‍යමත් රාජ්‍යයක් අත්පත් කරගන්නා ආක‍්‍රමණිකයකු වශයෙනි.
අසේල රජු මරා දමා රජරට රාජ්‍යය අත්පත් කරගත් නමුදු, ඔහු හැමවිට ම කනස්සල්ලට පත්කළ කාරණා දෙකක් විය. එකක් නම් ස්වාධීනව පැවැති රුහුණු රාජ්‍යය ය. අනෙක නම් දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කොට පැවැති එක්තරා අනාගත වාක්‍යයක් ය.
රජරට රාජ්‍යය අත්පත් කරගෙන එහි මධ්‍යයේ රත්නමාලී නම් මහා දාගැබක් තනවන ගාමණී අභය නැමැති රජකු පිළිබඳව වන මෙම අනාගත වාක්‍යය යළිත් සොයාගන්නා භට්ටාර නැමැති එළාර පුරෝහිතයා එළාර රජු සමඟ එකතුව එම අනාවැකියට එරෙහිව අතිශය සියුම් උපාය උපක‍්‍රම ගණනාවක්ම ක‍්‍රියාත්මක කරන්නේ ය
see more ……
Written by Cinema.lk A





















































































































