ඇත්තටම මොකද්ද මේ NETFILX කියන්නේ..
ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට චිත්‍රපට රසවීදිම සම්බන්ධයෙන් තියෙන්නේ හුඟාක් කැත පුරුදු ටිකක්.කොහේ හෝ රටක හොරට ගහපු අඩු කොලිටියක චිත්‍රපට බලන්න අපේ අය පුරුදු වෙලා ඉන්නේ අන්න ඒ නිසයි.සමහර විට පකිස්ථානයේ වගේ රටක ඉදලා ලංකාවට එන මේ හොර ඩී.වී.ඩී වල සහ ටොරන්ට් වගේ සයිට් වලින් භාගත කරගන්න චිත්‍රපට වල තියෙන්නේ හරිම අන්තර්ගතයද කියලත් සැකයක් තියෙනවා.ආසියාතික රටවල ඉන්න අපි මෙහෙම චිත්‍රපට සහ රූපවාහිනි වැඩසටහන් බලන එකේ ලොකුම අවුලක් තමයි එම චිත්‍රපටය නිර්මාණය කරපු පාර්ශවයන්ට සත පහක ආදායමක් නොලැබී යාම.
හැබැයි පුළුල් තිරයේ යම් නිර්මාණයක් රසවින්දාට පසුව එහි බ්ලු රේ එක හෝ එහි නියමිත කොලිටියේ ඩී.වී.ඩී පටය නිකුත් කිරීම මඟින් ඉහත කාරණා දෙකටම සාර්ථක පිලිතුරක් ලැබෙනවා.තාක්ෂණය දියුණු වීමත් එක්ක ඩී.වී.ඩී එකක් විදියට එළියට ආපු මේ නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ එළියට ආවා.ඔන්න ඔය විදියට තමයි මුල් යුගයේ ඇමරිකාවේ ලොකුම ඩී.වී.ඩී බෙදාහැරීමේ ආයතනයක් වු NETFLIX ආයතනය Netflix Streaming Player
ලෙසට පරිවර්තනය වුනේ.
ලොව පුරා මිලියන 70කටත් අධික ප්‍රේක්ෂක පිරිසක් සිටින NETFLIX චිත්‍රපට,රූපවාහිනි වැඩසටහන් සහ ඔවුන්ගේන්ම පමණක් නැරඹීය හැකි NETFLIX ORIGINALS නමින් නිර්මාණ ගොන්නකගෙන් සමන්විත වනවා.මේ වන විට රටවල් 190කට මෙම සේවාව සපයා තියෙනවා.ඊයේ දිනය වන විට රටවල් 60කට පමණක් තිබුණු මෙම සේවාව තවත් රටවල් 130කට ලබා දීමෙන පුළුල් කර තියෙනවා.නමුත් විශාල ජනගහනයක් සිටින චීනයයේ NETFLIX පහසුකම නැ.
Cofounder and chief executive Reed Hastings
Written by Cinema.lk A