OSCAR සම්මාන හයකට Darkest Hour චිත්‍රපටය නිර්දේශ වෙයි

Avatar Nisanka Weheraduwa | February 19, 2018 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

OSCAR හෙවත් Academy සම්මාන උළෙල හොලිවුඩ් පුරයේ පැවැත්වෙන අති දැවැන්ත සිනමා සම්මාන උළෙලක්. මෙවර එනම් 2018 වසරේ සම්මාන උළෙල පැවැත්වෙන්නේ 90 වනි වරටයි. පසුගියදා සම්මාන සඳහා නිර්දේශිත නාමයන් කවරේදැයි නිකුත් කෙරුනේ ප්‍රාසාංගික ආකාරයකින්. මාර්තු 04 වැනිදා ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන හෙයින් ඊට පෙර සිටම හොලිවුඩ් පුරය සැණකෙලියක සිරි ගන්නා බවත් සඳහන්. සම්මාන උළෙල සජීවී ලෙස විකාශනය කිරීමටත් සියලු කටයුතු සුදානම්.

නිර්දේශිත නාමයන් නිකුත් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනේ ප්‍රධානය ධාරාවේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත්තේ කවුරුන්ද යන්න ගැනයි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම ප්‍රධාන නළුවා සහ හොඳම ප්‍රධාන නිළිය යන අංශ සඳහා වැඩි අවධානයක් යොමු වීම සාමාන්‍යයි. මෙවර සම්මාන උළෙලේ සම්මාන හයක් සඳහා නිර්දේශ වීමට Darkest Hour චිත්‍රපටය සමත්ව තිබෙනවා.

2017 වසරේ නිර්මාණය කෙරුණු Darkest Hour චිත්‍රපටය දේශපාලනික සංසිද්දියක් පදනම් කොටගත් නාට්‍යමය චිත්‍රපටයක්. Anthony McCarten විසින් තිර රචනය සිදුකළ මෙහි අධ්‍යක්ෂවරයා වුනේ Joe Wright. මිනිත්තු 125ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටයට වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30ක් පමණ බව සඳහන්. Gary Oldman මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කොට තිබෙනවා. එය අති විශිෂ්ට රංගනයක් බව විචාරක මතය වී තිබෙනවා. Kristin Scott Thomas, Lily James, Stephen Dillane, Ronald Pickap ඇතුළු නළු නිළි පිරිසක් මෙහි සෙසු චරිත සඳහා දායකත්වය සපයනවා.

මෙවර 90 වනි OSCAR සම්මාන උළෙලේ සම්මාන හයක් සඳහා නිර්දේශ නාමයක් අතරට එක්වීමට මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා. ඒ අතර ප්‍රධාන ධාරාවේ සම්මාන රැසක්ද වන බව සඳහන්. හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශිත නාමයන් අතර Darkest Hour චිත්‍රපටයත් වනවා. හොඳම නළුවා ලෙස Gary Oldman නිර්දේශවී තිබෙන අතරම හොඳම සිනමා කැමරාකරණය සඳහා Bruno Delbonnel නිර්දේශ වී තිබෙනවා. හොඳම නිෂ්පාදන සැලසුම්කරණය සඳහා සම්මානයට නිර්දේශ වීමට Sarah Greenwood, Alessandra Querzolaට හැකියාව ලැබී තිබෙනවා. හොඳම වේශ නිරුපනයසහ කොණ්ඩා සැකසුම් සඳහා  Kazuhiro Tsuji, Darid Malinowski සහ Lucy Sibbick සමත්ව තිබෙනවා. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා Jacqueline Durran නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබෙනවා.

පසුගිය මාස 2ක කාලය තුළ පැවැත්වුණු ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ සම්මාන උළෙල රැසකදී නිර්දේශිත නාමයන් අතරට එක්වීමට සහ සම්මාන දිනා ගැනීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් සම්මාන හිමිව ඇති කාණ්ඩය වන්නේ හොඳම නළුවා ලෙස Gary Oldmanහටයි. AACTA ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන හිමිකර ගැනීමට Gray Oldman හට හැකියාව ලැබුනා. Alliance of Wanan Film Journalists සම්මාන උළෙලේ හොඳම නළුවා, Austin Film Critics Association සම්මාන උලෙලදී හොඳම නළුවා, Critics choice movie award හිදී හොඳම නළුවා සහ හොඳම වේශ නිරුපණය, Dillas Fort worth film critics association සම්මාන උළෙලේ හොඳම නළුවා සහ හොඳම චිත්‍රපටය සඳහා 10 වැනි ස්ථානය, Golden globe awards සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා, Hollywood film awards හිදී හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂ, හොඳම ඇඳුම් නිර්මාණය, New York film critics online සම්මාන උළෙලේ හොඳම නළුවා, Online film and film critics society සංවිධාන කළ සම්මාන උළෙලේ හොඳම නළුවා, Palm springs international film festivalහි හොඳම නළුවා, Satellite awards සම්මාන උළෙලේ හොඳම නළුවා, Screen actor guild award සම්මාන උළෙලේ හොඳම නළුවා ඇතුළු සම්මාන රැසක් ලබා ගැනීමට චිත්‍රපටයට සහ Grey Oldman හට හැකියාව ලැබී තිබෙනවා. කෙසේ නමුත් මාර්තු 04 වැනිදා පැවැත්වෙන OSCAR සම්මාන උළෙලේ හොඳම නිර්දේශිත නාම හය යටතේ වන සම්මාන සඳහාත් බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක මේ චිත්‍රපටය පවතින මතයි විචාරක මතවාදය වී තිබෙන්නේ.

 

 

Share

57 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.