Rajkumar Rao නැවතත් පොලිස් ඇඳුමට : HIT

Avatar Kavinu Weerakkody | May 5, 2022 119 Views 0 Likes 0 Ratings

119 Views 0 Ratings Rate it

2020දී ප්‍රදර්ශනය වූ HIT : The First Case තෙළිඟු සිනමාපටය හින්දි භාෂාවෙන් උතුරු ඉන්දීය ප්‍රේක්ෂකාගාරයට සමීප කරන්නට සූදානම් වන බවට පළමු වතාවට මාධ්‍යයට ආවරණය වූයේ පසුගිය වසරේ මැද භාගයේදී යි. නැඟී එන තෙළිඟු නලු Vishwak Sen ප්‍රධාන චරිතයට පණ පෙවූ එම තෙළෙඟු සිනමා නිර්මාණයේ තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළේ Sailesh Kolanu විසිනුයි. මෙහි හින්දි ප්‍රතිනිර්මාණය ගැන නිල තොරතුරක් මුලදී වාර්තා වූයේ නැතත් T – Series ආයතනය විසින් remake rights ලබා ගත් බවට පසුව රසිකයින්ට දැනගන්නට ලැබුනා. Vishwak Sen ඉදිරිපත් කළ ප්‍රධාන චරිතය රඟපෑමට හින්දි රංගන ශිල්පී Rajkummar Raoව තෝරාගෙන තිබූ අතර ප්‍රධාන කාන්තා චරිතයට සම්බන්ධ වූයේ Sanya Malhotra යි.

මාස 05කට නොඅඩු කාලයක් තිස්සේ සිදු කළ නිෂ්පාදන කටයුතුවලින් පසුව මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සියල්ලම අවසන් කිරීමට ඔවුන් දැන් සමත් වී තිබෙනවා. නිෂ්පාදන අයිතිය හිමි T – Series ආයතනය සිය ටිව්ටර් ගිණුම ඔස්සේ මේ ගැන නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නුදුරු දිනකදීම ලෝ පුරා සිනමාශාලා හරහා HIT : The First Case හින්දි ප්‍රතිනිර්මාණය දැක ගන්නට අවස්ථාව ලැබෙන බවයි.

Bhushan Kumar and Dil Raju’s HIT – The First Case, starring @RajkummarRao and @sanyamalhotra07 calls it a wrap, see you in cinemas soon.
#BhushanKumar @KolanuSailesh @DilRajuProdctns @SVC_official #KrishanKumar @kuldeeprathor9 @tuneintomanan #ShivChanana

– T Series

මෙම හින්දි ප්‍රතිනිර්මාණයේ අධ්‍යක්ෂණය සිදු වන්නේ ද 2020 වසරේදී තිරගත වීම ඇරඹි මෙහි මුල් තෙළිඟු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Sailesh Kolanu විසින්මයි. මුල් තෙළිඟු නිර්මාණයට ඇලුම් කළ බොහෝ පිරිසක් Rajkummar Rao රඟන මේ නිර්මාණය නිකුත් වන තුරු බලා සිටීමටත් එය ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. අතුරුදහන් වූ තරුණියක පසුපස හඹා යන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (HIT – Homicide Intervention Team) වටා ගෙතෙන මේ චිත්‍රපටය Box Office සහ විචාරක ප්‍රතිචාර තුළිනුත් හොඳ සාර්ථකත්වයක් ලබා ගත්තා.

පසුගිය වසරේදී HIT : The First Case හින්දි ප්‍රතිනිර්මාණයෙ හි පළමු දැනුම්දීම සිදු කරන අවස්ථාවේදී නිෂ්පාදකවරුන් පැවසූයේ මෙම සිනමාපටය එළඹෙන 2022 මැයි 20 වනදා තිරගත කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. නමුත් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අඩාළ වූ නිසා බොහෝදුරට මැයි 20වනදා යොදාගෙන තිබෙන release date වෙනස් වන්නට පුලුවන්. කෙසේ වුවවත් ඒ ගැන පිළිගත් නිවේදනයක් තවමත් නිකුත් කර නැහැ.

මෙම හින්දි නිර්මාණයේ නිෂ්පාදකයින් ලෙස T – Series ආයතනය වෙනුවෙන් Bhushan Kumar සහ Krishan Kumar එක්ව සිටින අතර සම නිෂ්පාදකවරුන් ලෙස Dil Raju සහ KuldeepRathore සම්බන්ධ වී සිටිනවා. ප්‍රසිද්ධ තෙළෙඟු චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් ලෙසින් නිෂ්පාදනය වන නිසා ආන්ද්‍රා සහ තෙළංගානා ප්‍රදේශ් හි සිනමාහල් තුළ පුළුල් ලෙස මුදා හැරීමටත් Bhushan Kumar සැලසුම් කර තිබෙන බවට අන්තර්ජාලයේ සඳහන්!

ඒ සඳහා ප්‍රාන්තයේ ප්‍රධාන චිත්‍රපට බෙදාහරින්නෙකු සහ නිෂ්පාදකවරයෙකු වන Dil Rajuගේ Sri Venkateshwara Creations බෙදාහැරීමේ ජාලය මූලිකත්වය ගන්නට සැරසෙන බවයි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ…

මුල් නිර්මාණය අධ්‍යක්ෂණය කළ Sailesh Kolanuගේ පළමු හින්දි චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ ද මෙයයි. එසේම ඔහු වෘතාන්ත සිනමාවට පිවිසියේ ද HIT : The First Case හරහායි. මේ දිනවල HIT : The First Case හි හින්දි ප්‍රතිනිර්මාණයට අමතරව තෙළිඟු බසින් නිමැවෙන එහි දෙවන කොටසේ (HIT : The Second Case) වැඩ කටයුතු සඳහාත් ඔහු සම්බන්ධ වී සිටිනවා.

මුල් චිත්‍රපටයට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව නිර්මාණය වන දෙවන චිත්‍රපටය ආන්ද්‍රා ප්‍රදේශයේ පොලිස් වැටලීම් සිදු කරන නිලධාරියෙකු වටා ගෙතෙන බවටයි විශ්වාසදායක ආරංචි මාර්ග තුළින් දැනගන්නට ලැබෙන්නේ. එහි ප්‍රධාන චරිතයත් Vishwak Senගෙන් Adivi Seshට මාරු වී තිබෙනවා. Sequel සිනමාපට සඳහා අවස්ථාව ලබා දෙමින් කතා-මාලාවට අලුත් ආරම්භයක් ලබා ගන්නට Adivi Seshට මෙම ප්‍රධාන චරිතය භාර දී තිබෙන බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ…

Rajkummar Rao සහ Sanya Malhotra රඟන මෙම හින්දි ප්‍රතිනිර්මාණය සාර්ථකව උතුරු ඉන්දීය රසිකාගාරයට පිනවීමට සමත් වුවහොත්, දෙවන දිගහැරුමේ හින්දි ප්‍රතිනිර්මාණයකුත් අපට නුදුරේදීම දැක බලා ගන්නට හැකි වනු නොඅනුමානයි.
Mystery Thriller ගනයට අයිති වන මෙම හින්දි සිනමාපටය ගැන අදහස් දක්වමින් රංගන ශිල්පී රාජ්කුමාර් රාඕ දැක්වූයේ මෙවන් අදහසකුයි…

“When I saw HIT, I instantly connected with it. It’s an engaging story, relevant in today’s environment. As an actor, I am always on the lookout to play characters I haven’t explored and HIT gives me a chance to do that. I’m looking forward to this journey with Sailesh and Mr DIl Raju. ”

මේ හැරුණු කොට, රාජ්කුමාර් රාඕගේ තවත් චිත්‍රපට ද්විත්වයක නිර්මාණ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. Monica, O my darling සහ Bheed චිත්‍රපට වෙනුවෙනුත් ඔහු මේ දිනවල සම්බන්ධ වී සිටින අතර නුදුරේදීම upcoming projects තුනකට නොඅඩු සංඛ්‍යාවකටත් ඔහු එක්වීමට නියමිත යැයි බොලිවුඩයෙන් අසන්නට ලැබෙනවා. කෙසේ වුවත් Rajkummar Rao රඟපෑ අවසාන චිත්‍රපටය Badhaai Do නම් එතරම් සාර්ථක වූයේ නැහැ.

Sanya Malhotra රඟපාන Love Hostel සිනමා නිර්මාණය ඉදිරියේදී නිකුත් වීමට තිබෙන අතර, බොලිවුඩයේ සදාතනික ආදරවන්තයා Shah Rukh Khanගේ නවතම චිත්‍රපටයක වැදගත් චරිතයත් සඳහාත් ඇගේ නම යෝජනා වී තිබෙනවා. ඒ දමිළ නලු විජෙයිගේ Theri, Mersel, Bigil වැනි සාර්ථක වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Atlee Kumar සහ Shah Rukh Khan සුසංයෝගයෙන් නිමැවෙන අලුත්ම නිර්මාණයක් (untitled yet) සඳහායි.

Share

119 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.