ප්‍රේක්ෂක ප්‍රතිචාරය තියෙනකම් මම තමයි වීරයා, මම තමයි පෙම්වතා – රන්ජන් රාමනායක

Avatar Cinema.lk A | May 27, 2014 176 Views 0 Likes 0 Ratings

176 Views 0 Ratings Rate it

හොලිවුඩයට ස්වාසනේගර්,චක්නෝරිස් වගේ බොලිවුඩයට ශාරුක් වගේ කොලිවුඩයේ රාජිනිකාන්ත් වගේ අපිට ඉන්න සුපිරි වීරයා තමයි රන්ජන් රාමනායක කියන්නේ.ජනතාවගේ නළුවා,ශ්‍රී ලංකන් සුුපර්ස්ටාර් වැනි අන්වර්ථ නාම වලින් හඳුන්වන රන්ජන් තාමත් අපේ සිනමා කතාන්දර වල වීරයායි.සුනිල් ටී ප්‍රනාන්දුගේ නවතම සිනමාපටය වු “රන්ජා“හි ද ප්‍රධාන චරිතයට පණපොවන්නේ රන්ජනුයි.ඉතින් මෙච්චර තරුණ කොල්ලෝ සිනමාවේ ඉදිද්දී අපේ රන්ජා තාමත් කොල්ලාගේ පාර්ට් එක ඇක්ට් කරන එක ගැන පුවත්පතක සම්මුඛ සාකච්ඡාවක දී රන්ජාගෙන් අසා තිබුණා.ඉතින් ඒ පැණයට රන්ජා මෙන්න මේ වගේ උත්තරයක් තමයි දීලා තිබුණේ.

 

ඔබ තාමත් චිත්‍රපටවල ‘පෙම්වතා’. පෙම්වතාගේ පෙනුම තාමත් ඔබට තිබෙනවා කියලා විශ්වාස ද?

මම නම් නෙමෙයි ඒක තීරණය කරන්නේ. මෑතකදී මම රඟපෑ චිත්‍රපටයේ පෙම්වතාට මාව තෝරාගත්තේ එහි නිෂ්පාදක සුනිල් ටි. ප්‍රනාන්දු මහතා. එතුමාට තාමත් මාව පෙම්වතෙක්. වීරයෙක් විදියට පෙනෙනවා ඇති. මොකද මාව චිත්‍රපටවලට ගන්න ඔවුන් මගේ ඥාතීන් නොවෙයිනේ. මගේ ගාණ ගෙවලා, මට කෑම බීම, යන්න එන්න පහසුකම් දීලා ගන්නේ මාව ඒකට සුදුසු නිසානේ. හැබැයි ඉතින් මම දන්න විදියට ඉන්දියන් සිනමාවෙත් මේක වෙනවා. රැජිනි කාන්ත් අවුරුදු 68 ක් වීරයගේ චරිතය රඟපෑවා. දීපිකා පදුකෝන්ට ආදරය කළා. වීරයාට 68 යි පෙම්වතියට 28 යි. එම්. ජි. රාමචන්ද්‍රන් පවා ඔය විදියට රඟපෑවා. හොලිවුඩ්වල ගත්තත් ෂෝන් කොනරි, ආර්නෝල්ඩ් ස්වසෙනගර් වැනි නළුවන් ඔහොම රඟපාලා තිබෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාරය තිබෙනකම් මම රඟපානවා.

ranja movie (2) ranja movie (3) ranja movie (4) ranja movie (5) ranja movie (6) ranja movie (7) ranja movie (8) ranja movie (9) ranja movie (10) ranja movie (1) ranja movie (15) ranja movie (14) ranja movie (13) ranja movie (12) ranja movie (11)

Share

176 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.