Saiyamiගේ පුහුණු තනතුර Abhishek Bachchan බාර ගනී

Avatar Kavinu Weerakkody | March 18, 2022 58 Views 0 Likes 0 Ratings

58 Views 0 Ratings Rate it

ක්‍රීඩාවට ඇලුම් කරන ඉන්දීය සිනමා තාරකාවන් අතරේ Saiyami Kherගේ නම, නිතරම දක්නට ලැබෙනවා. ක්‍රීඩාවට ඇලුම් කරන හින්දි රංගන ශිල්පිනියක වශයෙන් ජනප්‍රිය Saiyami Kher පාසල් කාලයේ සිටම ක්‍රීඩාවට දක්ෂකම් දැක්වූ අයෙක් ලෙසත් අන්තර්ජාලයේ සඳහන් වනවා. පසුගිය සමයේ ඉන්දීය ක්‍රිකට් තරගාවලියක් අතරතුරේදී ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ පල කළ ඡායාරූපයක් නිසාත්, Saiyami Kherගේ ක්‍රීඩා උනන්දුව සහ මේ විනෝදාංශය ගැන නැවත වතාවක් රසිකයින් විසින් කතාබහ කළා. කෙතරම් මතු බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පිනියක වුණත් Saiyamiගේ හැකියාවට ගැළපෙන අන්දමේ versatile චරිතයක් තවමත් ඇයට ලැබී නැති බව, මෙතරම් කාලයක් තිස්සේ ඔවුන් නිතරම පැවසූ කාරණාවක්..!

නමුත්, එකම රාමුවකට වටවූ චරිත ගණනාවකින් පසුව Saiyami Kherට වෙනස්ම රංගන අත්දැකීමක් ලබා ගත හැකි නව චිත්‍රපටයක් දැන් ලැබී තිබෙනවා. විශේෂත්වය වන්නේ, ඒ සිනමාපටය ඇගේ විනෝදාංශයට බොහොම සමීප වූවක් වීමයි!! එකම කැගටරියේ සිනමා නිර්මාණ ගණනාවකට පසුව Sports ශානරයේ සිනමාපටයකින් රසිකයින්ව හමු වන්නට Saiyami Kher දැන් සූදානම් වනවා. Cricket based සිනමා නිර්මාණයක් වන මෙහි කතා සාරාංශය පිළිබඳව එතරම් තොරතුරක් මාධ්‍යයට අණාවරණය වී නැතත්, නිෂ්පාදන කටයුතු පිළිබඳව බොහෝ විස්තර රසිකයින් අතරේ සාකච්ඡා වනවා.

ප්‍රවීණ හින්දි සිනමාකරුවෙකු වන R Balki යටතේ අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබෙන මෙම සිනමා නිර්මාණය 2023 වසරේදී සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරින බවත් අන්තර්ජාලයේ දැක්වෙනවා. Saiyami Kher සමඟින් Abhishek Bachchan ද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට නියමිතයි.

කොලිවුඩ් මාධ්‍ය හි දැක්වෙන අන්දමට විසින් Saiyami Kher කාන්තා වමත් – ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ චරිතයකුත්, Abhishek Bachchan විසින් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ Saiyamiගේ පුහුණුකරුවාගේ චරිතයත් රඟ දැක්වීමට ගිවිසුම්ගත වී තිබෙනවා. කෙසේ නමුත් චිත්‍රපටය ගෙතෙන්නේ Saiyami Kher වටා බවත්’ Abhishek Bachchan රඟදක්වන්නේ සෙසු චරිතයක් බවටත් ප්‍රධාන පෙළේ ඇතැම් මාධ්‍ය පවසනවා.

මෙය හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ සත්‍ය ජීවිත කතාවක් වටා නිර්මාණය වන්නක් බවට මුලදී ආරංචි පළ වුණත් ඒ පිළිබඳව නිල තහවුරු කිරීමකුත් දැන් දැකගැනීමට ලැබෙනවා. ඒ අනුව මේ සිනමාපටය කිසිදු ජීවිත කතාවක් ආශ්‍රය කරගෙන නිර්මාණය නොවන්නක් බව නිෂ්පාදන කණ්ඩායම තුළින්ම රසිකයින්ට දැනුම් දී තිබෙනවා. ඔවුන් සිදු කරන්නේ ප්‍රබන්ධය කතා තේමාවක් ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රය කරගෙන නිපදවීම පමණක් බවයි නිෂ්පාදන කණ්ඩායම විසින් දැනුම් දී තිබෙන්නේ…

මෙම සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා රංගන ශිල්පිනියක තෝරා ගැනීමේදී සැලකිල්ලගෛන තිබෙන්නේ දක්ෂතාවය සහ පෙනුම පමණක් නොවෙයි. කතා සාරාංශයට ගැළපෙන, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අවබෝධයක් සහිත රංගන ශිල්පිනියක වෙනුවෙන් අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම බෙහෙවින් වෙහෙස වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි, ක්‍රීඩාව ගැන නිතරම සැලකිල්ලක් දක්වන Saiyami Kherව මෙහි ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන තිබෙන්නේ.

Saiyami Kher සහ Abhishek Bachchan එකම නිර්මාණයක රඟපාන පළමු අවස්ථාව ද මෙය නොවෙයි. ඉන්දීය සිනමා ඉතිහාසයෙන් බිහිවූ විශිෂ්ටතම වෙබ් කතාමාලාවක් යනුවෙන් හැදින්වෙන Breathe හි දෙවන කතාසමය වූ Breathe: Into the Shadows කතාමාලාව හරහාත් මොවුන් දෙදෙනාම එක‌ට එක්ව තිරය බෙදා ගත්තා. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන R. Balki මින් පෙර අවස්ථා ගණනාවකදීම අමිතාබ් බච්චන් සමඟින් නිර්මාණකරණයේ යෙදී තිබෙනවා. අමිතාබ් රඟපෑ Cheeni Kum, Paa, Shamithabh වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවක නිර්මාණකරු R. Balki වුණත් අමිතාබ්ගේ පුත්‍රයා සමඟ කිසිදු චිත්‍රපටයක් ඔහු නිපදවා තිබුණේ නැහැ. ඒ අනුව Abhishek Bachchan සහ R. Balki එක්ව නිර්මාණය කෙරෙන පළමු චිත්‍රපටය වන්නේ ද මෙයයි.

කුඩා කල සිටම ක්‍රීඩා ඉසව් ගණනාවකට සම්බන්ධ වී තිබෙන Saiyami Kher පාසල් සමය තුළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක වශයෙනුත් ප්‍රසිද්ධ වූයේලු. නමුත් බැඩ්මින්ටන් තරඟාවලිවලට අවධානය යොමු කිරීමට අවශ්‍ය වූ නිසා ඇය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු දී තිබෙනවා. කෙසේ වුවත්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇගේ උනන්දුව සහ ආශාව නම් තවමත් අඩු වී තිබෙන බවක් පෙනෙන්නට නැහැ.

2015 වර්ෂයේදී REY තෙළිඟු සිනමාපටය හරහා සිනමාවට පිවිසෙන Saiyami, ප්‍රේක්ෂක අවධානයට නතු වූයේ Mirzya (2016) හි සුචිත්‍රාගේ චරිතයත් සමඟයි. 2020 වසරේ Roshan Matthews සමඟින් ඇය රඟපෑ, Anurag Kashyap අධ්‍යක්ෂණය කළ Choked හින්දි සිනමාපටයත් සමඟ පෙරටත් වඩා වැඩි රසික අවධානයක් ලබා ගැනීමට ඇය සමත් වුනා. Saiyami අවසානයට රඟපෑ Wild Dog තෙළිඟු සිනමාපටය සාර්ථක නොවුණත්, ඇගේ රංගනය පිළිබඳව බොහෝ දෙනෙකු පැසසුම් සහිතව කතාබහ කළා. ඉන්පසුව වෙබ් කතාමාලා රංගනයට එක් වූ ඇය Special OPS ක්‍රියාදාම කතාමාලාවේ වැදගත් චරිතයකුත් නිරූපණය කළා.

චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ වනවිට ඇරඹී තිබෙන අතර දර්ශන තලයේ ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලයෙන් දැකගත හැකියි. ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනාම සිනමාපටය උදෙසා වෙනම පුහුණුවීම් සිදු කර තිබෙන බවත් සඳහන්…
එමෙන්ම පසුගිය වසරවලදී එතරම් සුබදායී නොවූ Abhishek Bachchanගේ සිනමා ජීවිතය නැවත වරක් සාර්ථක කර ගැනීමටත් මෙය වටිනා අවස්ථාවක් විය හැකියි.

Share

58 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.