SIGNIS උත්තමාචාර සම්මාන උළෙල මෙවරත්

Avatar Nisanka Weheraduwa | July 30, 2019 177 Views 0 Likes 5 On 1 Rating

177 Views 5 On 1 Rating Rate it

සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගැයීම උදෙසා SIGNIS Sri Lanka සංවිධාන කරන උත්තමාචාර සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානම්. දශක හතරකට අධික කාලයක් පැවැත්වෙන මේ උත්තමාචාර සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 42 වැනි වතාවටයි.

අගෝස්තු 02 වැනි සිකුරාදා සවස 6.30ට SIGNIS උත්තමාචාර සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනු ඇති. 2018 වසරේ තිරගත වුනු චිත්‍රපට සහ විකාශය කෙරුණු ටෙලිනාට්‍ය සඳහා මෙවර සම්මානය ප්‍රධානය කිරීම සිදුකිරීමට නියමිතයි. චිත්‍රපට 25ක් සහ ටෙලිනාට්‍ය 19ක් මෙවර සම්මාන සඳහා තරග වදින බව සඳහන්. SIGNIS ලෝක සංගමයේ මහලේකම් තුමන්, සහ යුරෝපයේ SIGNIS බාරව සිටින සභාපතිනිය ඇතුළු යුරෝපා දූත පිරිසක් සහ ආසියාවේ SIGNIS සභාපතිතුමා සමග තවත් රදගුරුවරුන් පිරිසක්ද මෙවර උත්තමාචාර සම්මාන උළෙල සඳහා සහභාගී වීම මෙවර උළෙලේ විශේෂත්වයකි.

 

Share

177 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.